විම්බල්ඩන් පිටියට විමතිය දනවන ආක්‍රමණයක්

  👤  1630 readers have read this article !
Published by : MB WEB 2017-07-13 15:02:47

ලොව අංක එකේ ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන විම්බෙල්ඩන් තරගාවලියේ සංවිධායකයන් තරග ඉතා හොඳින් පැවැත්වීම සඳහා නිරතුරුව පතන්නේ හිරු රැස් සහිත උණුසුම් කාලගුණයකි. නමුත් මේ උණුසුම කාලගුණය අනවසර අමුත්තන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමටද හේතු වී තිබේ.

ජෝ විල්ෆ්‍රඩ් ත්සොන්ගා සහ අලිජාස් බෙඩෙනෙගේ තරග අතරතුර පිටියට කඩා වැදුණු මේ අනවසර අමුත්තන් පිරිස පියාඹන කුහුඹු විශේෂයකි. ත්සොන්ගා මෙම ඇබැද්දියට මූණ පෑවේ ඩිමොන් බොලෙලි අතර තරගයකදී වන අතර කුහුඹුවන් හේතුවෙන් ඔහුට තරගයේ යෙදීම අපහසු වුවද වාසනාවකට මෙන් ඔහු ඊළඟ වටය සඳහා තේරිණි.

විම්බෙල්ඩන් තරග සැලසුම් කරනු ලබන්නේ මේ කුහුඹුවන් පියාඹා එන කාලය සැලකිල්ලට ගනිමින් වන අතර මෙවර නියමිත කලට පෙර කුහුඹුවන්ගේ පැමිණීම මෙම ඇබැද්දියට හේතු වී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්