නෙස්ටමෝල්ට් පාසල් මැරතන් තරග අනිද්දා පළාත් තුනකදී

  👤  1272 readers have read this article !
Published by : MB WEB 2017-07-13 15:31:38

විචිත්‍ර වීරසිංහ

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශයේ සංවිධායකත්වයෙන් නෙස්ටමෝල්ට් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන නෙස්ටමෝල්ට් ජාතික පාසල් අර්ධ මැරතන් මෙවර පළාත් නවයම ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව කි.මී. 21.5ක දුර ප්‍රමාණයකින් යුත් අර්ධ මැරතන් තරගාවලිය මෙවර දිවා/රාත්‍රි වශයෙන් පැවැත්වීමද විශේෂත්වයකි.

එහිදී උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් ආවරණය කරමින් පැවැත්වෙන තරගය ජූලි 15 වැනිදා ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණය අසලින් ආරම්භවීමට නියමිතව ඇති අතර, එය පස්වරු 5.00ට ආරම්භවීමට නියමිතය.

වයඹ, සබරගමුව හා මධ්‍යම පළාත් ආවරණය කරමින් පැවැත්වෙන තරගාවලිය ජූලි 22 වැනිදාත්, දකුණ, උෟව හා බස්නාහිර ආවරණය කරමින් පැවැත්වෙන තරගාවලිය ජූලි 29 වැනිදාත් පැවැත්වෙන අතර, අවසන් තරගය සැප්තැම්බර් 16දා කොළඹදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර මෙයට සමගාමීව අවුරුදු 15න් ඉහළ කි.මී. 5ක තරගයක්ද පැවැත්වෙන බවත්, මෙවර තරගාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් රක්‍ෂණය කර ඇති බවත්, මෙම තරගාවලියට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ උපදේශක (ක්‍රීඩා) සුනිල් ජයවීර මහතා පැවැසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරුන් වන බන්දුල එගොඩගේ, නෝමන් කන්නන්ගර, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මෙන්ම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් මංජුල කාරියවසම් යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූපය - සජීව චින්තක කහඳගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්