අයිෆෝන් ලෝලීන් මවිතයට පත්කරමින් රතු අයිෆෝන් එකක්

  👤  1260 readers have read this article !
Published by : MB WEB 2017-07-12 15:13:54

පසුගිය අඟහරුවාදා ඇපල් සමාගම අයිෆෝන් 7 සහ 7 ප්ලස් යන ෆෝන් වර්ගයේ රතු පැහැයෙන් යුතු මාදිලි ලොවට හඳුන්වා දුන්නා. එය ඇපල් සමාගමත්, රෙඩ් සමාගමත් අතර වසර 10ක සහයෝගිත්වය සැමරීම වස් මෙම සුවිශේෂී මාදිලිය ඔවුන් ලොවට තිළිණ කර තිබෙනවා. මෙම රෙඩ් සමාගම ඔබට වැදගත් වන්නේ එය ඒඩ්ස් රෝගයට එරෙහිව ක්‍රියාත්මක වන සටනට උරදෙන ප්‍රමුඛතම සංවිධානයක් වන බැවිනි.

මෙම විශේෂ රතු අයිෆෝන් එක රතු ඇළුමිනියම් බඳකින් නිමවී ඇති අතර 128ට්ඕ, 256ට්ඕ, යන මාදිලිවලින් වෙළෙඳපොළට එන්නේ ඩොලර් 749 සිටයි. මෙම සිකුරාදා (එනම් 31) සිට සීමිත කාලයකට ඉන්ටර්නෙට් හා වෙළෙද සල් හරහා මෙම රතු අයිෆෝන් එක මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට ඉඩ සලසා තිබෙනවා.

ඇපල් සමාගම මේ වනවිට ඩොලර් මිලියන 130ක් රෙඩ් සංවිධානයට පරිත්‍යාග කර ඇති අතර, එම හේතුවෙන් ඇපල් සමාගම ඒඩ්ස් නිවාරණ සටනේ ගෝලීය අරමුදලට වැඩිම මූල්‍ය පරිත්‍යාගයක් කළ වෙළෙඳ සමාගම ලෙස ඉතිහාසයට එක්වෙනවා. ගෙවී ගිය කාර්තුවේ පමණක් ඇපල් සමාගම අයිෆෝන් මිලියන 78.3ක් අලෙවි කර තිබෙනවා. ඇපල් සමාගමේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපදවන්නේ අයිෆෝන් අලෙවියයි. දැනට ඩොලර් බිලියන 750ක වටිනාකමක් ඇති ඇපල් සමාගමේ මීළඟ ඉලක්කය තම වටිනාකම ඩොලර් ටි්‍රලියනය ඉක්මවීමයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්