'ආදරණීය ප්‍රින්ස්' ප්‍රසංගය ජූලි 14 මහරගම යොවුන් රඟහලේදී

  👤  1111 readers have read this article !
Published by : MB WEB 2017-07-12 13:47:37

'ආදරණීය ප්‍රින්ස්' ළෙන්ගතු සහෝදරත්වයේ ගෞරවණීය සමුදීම සංගීත ප්‍රසංගය ජූලි 14දා මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේදී සවස 6.30ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

පසුගිය ජුනි 08 වැනි දින ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මියයන විට නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි පෞද්ගලික රෝහලට ගෙවීමට තිබූ මුදල රුපියල් විසිපන් ලක්‍ෂ තිස් අටදහසක් විය. රෝහලට ගෙවිය යුතුව තිබෙන එම මුදල සොයා ගැනීම, මෙම සංගීත ප්‍රසංගයේ අරමුණයි.

මෙම ප්‍රසංගය සංවිධානය කරන්නේ කීර්ති පැස්කුවල් ප්‍රමුඛ ආදරණීය ප්‍රින්ස් ප්‍රසංග කමිටුවයි.

අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, ටී.එම්. ජයරත්න, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, කසුන් කල්හාර ඇතුළු ගායක ගායිකාවන් විසි අටදෙනෙක් ප්‍රින්ස් වෙනුවෙන් ආදරණීය ප්‍රින්ස් ප්‍රසංග වේදිකාවට එක්වී ගී ගැයීමට සූදානමින් සිටිති.

ප්‍රින්ස්ගේ ගීත රසවිඳි, ඔහුට ආදරය කළ ඔබට ප්‍රින්ස් වෙනුවෙන් යමක් කරන්නට මේ ප්‍රසංගය විවෘතයි.

නුවන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්