ගැළපෙන ලෙසට ඉබේම සකස් විය හැකි රොබෝ ගෘහ භාණ්ඩ

  👤  1910 readers have read this article !
Published by : MB WEB 2017-07-10 13:51:16

නාගරික ජීවන රටාවට ඇති ලොකුම බාධාවක් වන්නේ, ඉඩ පහසුකම් සීමිත වීමයි. එය එන්න එන්නම වැඩි වන බැවින් එයට පිළියමක් ලෙස ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ජනපදයේ බොස්ටන් නගරයේ පිහිටි මැසචුසෙට් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි නම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් එකම කොටස, නිදන කාමරය, කන්තෝරු කාමරය සහ සාලය ලෙසට අවශ්‍යතාව පරිදි ඉබේ සැකසිය හැකි රොබෝ ගෘහ භාණ්ඩ කට්ටලයක් නිමවා තිබෙනවා.

ඔවුන් නිමවා ඇති ලී කැබිනට්ටුවට, මේසයක් ඇඳක් වැනි ඔබට ජීවත් වීමට අවශ්‍ය මූලික ගෘහ භාණ්ඩ ඇතුළත් කර තිබෙනවා. ට්‍රක් එකකට සවිකර ඇති බැවින් එයට කාමරය පුරා ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. Ori System නමින් හැඳින්වෙන මෙය ජපානයේ ප්‍රචලිත කඩදාසි නැවීමේ කලාවක් වන ඔරිගාමි යන නම ඇසුරෙන් නම් කර තිබෙනවා.

මෙම ගමන්කරන ගෘහ භාණ්ඩ කට්ටලයට පාලන පෑඩ් එකකින් වාගේම කටහ¾ඩිනුත් ක්‍රියා කළ හැකියි. එම නිසා ඔබට ඇඟිල්ලක් උස්සන්නේ නැතිව ඔබේ ගෘහභාණ්ඩ එහේ මෙහේ කිරීමේ හැකියාවත් ලැබෙනවා. ඔබට Ori System එකට අණක් දුන් සැණින් ඔබේ ඇඳ ඔබේ මේසය බවටත් ඔබේ ඇඳුම් අල්මාරිය ඔබේ කවිච්චිය බවට පත් කිරීමට ගත වන්නේ තප්පර ගණනකි.

මෙම කට්ටලය Ori Full and Ori Queen යන ප්‍රමාණ 2න්ම ලබාගත හැකියි. ඩොලර් 10,000කට අලෙවි වන මෙය දැනට ඇමරිකාවේ සහ කැනඩාවේ තෝරාගත් නගර කිහිපයක පමණයි වර්තමානයේ මිලදී ගැනීමට තිබෙන්නේ. 

ටෙලෙස්කෝප් පාඨකයන් වෙනුවෙන් මේ මැසචුසෙට්ස් ඉන්ස්ට්ටියුට් ඔෆ් ටෙක්නොලොජි නම් විශ්වවිද්‍යාලය ගැන සඳහනක් කළ යුතුමයි.MIT  යනුවෙන් ලොව ප්‍රචලිත මෙම විද්‍යායතනය 20 වැනි ශතවර්ෂයේ අඩ සියවසකට වැඩි කාලයක් ලොව තාක්ෂණවේදය සඳහා විශිෂ්ටතම සරසවිය ලෙස වැජඹුණා. ඔබ අද භුක්ති විඳින බොහෝ තාක්ෂණික භාණ්ඩ හා සේවා නවෝත්පාදනය වුණු තිඹිරි ගෙය මෙම MIT  විශ්වවිද්‍යාලයයි.

දශක ගණනාවක් මුළුල්ලේ අද දක්වාද මෙහි අධ්‍යාපනය ලබන සිසුන් සහ පීඨවල ආචාර්යවරු නවෝත්පාදන ලොවට දායක කිරීමේ කොටස්කරුවන් වුණා. වර්තමානයේද ලොව හොඳම විශ්වවිද්‍යාලය 5 අතරට වසරක් පාසා ශේ්‍රණිගත වන මෙම විශ්වවිද්‍යාලය මානව සංහතියේ දියුණුව, හැකියාව සහ බුද්ධිය පිළිඹිබු කරන ප්‍රතිමූර්තිය ලෙස මුළු ලොවේම නිරන්තර බුහුමනට ලක්වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්