උතුරු කොරියාව 'අන්තර් මහද්වීපික මිසයිලයක්' සාර්ථකව අත්හදා බලයි

  👤  1833 readers have read this article !
Published by : MB WEB 2017-07-05 13:18:46

දුර විහිදුම් "අන්තර් මහද්වීපික" (Intercontinental missile) මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඊයේ උතුරු කොරියාව නිවේදනය කළේය.

ඇමරිකානු භූමිය වෙත ළඟා වීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙයයි.

ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බව කී ඇමරිකාව එය උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බව සඳහන් කළේය.

කොරියානු අර්ධද්වීපය තුළ ඉහළ යමින් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන වාර ගණන උතුරු කොරියාව විසින් ඉහළ නංවනු ලැබ ඇත.

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනී සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී මුහුදු සීමාවේ වූ ඉලක්කය වෙත ළඟා වීමට පෙර කිලෝමීටර 933 ක් පියාසර කළ බව නිවේදනයේ සඳහන් විය.

එක්සත් ජනපද ශාන්තිකර විධානය මීට ඉහත දී කියා සිටියේ එය අන්තර් දුර විහිදුම් මිසයිලයක් බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්