දන්සලකදී සූර්යාට හමුවූ ආදරය 'මගේ නේ'

  👤  2582 readers have read this article !
Published by : MB WEB 2017-07-03 15:13:08

මොකක්ද මේ 'මගේ නේ' කියලා කියන්නේ?

ඒක තමයි මගේ අලුත්ම ගීතය. මම හිතාගෙන හිටියා මගේ රසිකයෝ ආස කරන හොඳ ගීතයක් එළියට ගේන්න. කසුන් මහේන්ද්‍ර හීනටිගල තමයි ගීතය ලිව්වේ. මංජුල බණ්ඩාර තමයි ගීතය සංගීතවත් කළේ. තිසර ඉඹුලාන තමයි මියුසික් වීඩියෝව කළේ. ලොකු ජධදජඥනබ එකක් තමයි අපි සරලව ඉදිරිපත් කළේ.

කාලෙකට පස්සේ නේද සූර්යාගේ මියුසික් වීඩියෝවක් රසිකයන් අතරට එන්නේ?

ඔව්. 2013දී තමයි මම මගේ පළමුවැනි ගීතය රිලීස් කළේ. ගොඩක් අය මගෙන් ඇහුවා සිංදුවක් කරන්නේ නැද්ද කියලා. ඒ නිසා ඒ ඉල්ලීම ඉටු කරලා තමයි අවුරුදු තුනහමාරකට පස්සේ 'මගේ නේ' කියන මියුසික් වීඩියෝව රසිකයන් අතරට ගෙනාවේ.

මියුසික් වීඩියෝවේ තියෙන්නේ දැන් තියෙන විදියේ ආදර කතාවක් නෙවෙයි. මේ වගේ ආදර කතාවක් සූර්යාගේ සැබෑ ජීවිතෙත් තියෙනවද?

ඇත්ත ජීවිතේ නම් එහෙම අත්දැකීමක් මට නැහැ. මියුසික් වීඩියෝවේ අදහස දුන්නේ තිසර. දැන් මියුසික් වීඩියෝවල දකින දේට වඩා වෙනස් ආදර කතාවක් මියුසික් වීඩියෝවට ගේන්න වුවමනා වුණා. ඒකයි දන්සලකදී ඇතිවන ආදර කතාවක් විදියට එය ගොඩනැඟුªවේ.

සූර්යාගේ වෙනස් විදියේ ආදර කතාවට මනීෂාව තෝරා ගත්තේ විශේෂ හේතුවක් නිසාද?

පිටපත එක්ක ගනිද්දි අපිට ඕනෑ වුණා මගේ පෙනුමටත් ගැළපෙන හුරතල් පෙනුමක් තියෙන, ඒ වයසට ගැළපෙන කෙනෙක්ව ගන්න. මම නම් කිහිපයක්ම යෝජනා කළා. ඒ අතරින් අපි හැමෝම තීරණය කළා මනීෂා නංගිව මියුසික් වීඩියෝවට ගමු කියලා. මනීෂා ලොකු සහයෝගයක් අපිට දුන්නා.

මනීෂා සූර්යාගේ ආරාධනාව එක පයින් භාර ගත්තද?

ඔව්. එයා යම් සීමාවන් ටිකක ඉන්නවනේ. ගීතය මොකක්ද, රූගත කිරීම් කරන්නේ කොහෙද වගේ දේවල් එයා බැලුවා. එයාට හානියක් නොවන විදියට එයාගේ වටිනාකමට ගැළපෙන දෙයක් කරන්නේ කිව්වම එයා කැමැත්තෙන් ඒ ආරාධනාව භාර ගත්තා.

මනීෂා හැරෙන්න මියුසික් වීඩියෝවේ ඉන්නේ අලුත් පිරිසක්. ඒ ඇයි?

මට ඕන වුණා ජනප්‍රිය නොවන පිරිසක් මියුසික් වීඩියෝවට ගන්න. මගේ අක්කා, ඒ වගේම මගේ යාළුවෝ පිරිසක් තමයි මියුසික් වීඩියෝවේ ඉන්නේ. මම ඒ හැමෝටම මේ වෙලාවේ ස්තුති කරනවා.

'මගේ නේ' ගීතයේ ගායනයත් වෙනස් හැඩයක්. ගායනය තුළත් වෙනසක් කරන්නද වුවමනා වුණේ?

බටහිර සංගීතය එක්ක තමයි ගොඩක් අය මාව දන්නේ. හැබැයි මට අනෙක් සංගීත ශෛලීින් පුළුවන්. මට හිතුණා මේ වගේ ගීතයක් කළොත් මගේ රසිකයන් ආදරයෙන් වැලඳ ගනියි කියලා. ඒකයි මම ඒ ගීතයේ වචනවලට ගැළපෙන්න කටහඬ පවා හැසිරෙව්වේ.

මියුසික් වීඩියෝව නාළිකාවලට දෙන්නත් කලින්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවලු නේද?

ඔව්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ඉන්ටර්විව් එක දෙද්දී පනස්දාහක් විතර මියුසික් වීඩියෝව බලලා තිබ්බා. ගොඩක් අය එවපු සුබපැතුම්වලින් මගේ දුරකතනය පිරිලා.

මාධ්‍ය නාළිකාවලිනුත් සූර්යාගේ ගීතයට ඉල්ලුමක් තියෙනවා කියලා ආරංචියි?

මෙහෙම ගීතයක් කළා කියලා දැනගත්තම රූපවාහිනි, ගුවන් විදුලි නාළිකාවලින් කතා කරලා ගීතය ඉල්ලුවා. අපි හොඳ දෙයක් කළාම මාධ්‍යවලින් ඒ වගේ සහයෝගයක් ලැබෙන එක ගැන සතුටුයි.

අලුත් වැඩකටයුතු ගැනත් මතක් කරමු?

මම 'අමුත්තා' කියන රූපවාහිනි වැඩසටහන ප්‍රසන්ට් කරන්න පටන් ගත්තා. ඉදිරියේදී මාව නිවේදකයෙක් විදියටත් දැකගන්න පුළුවන්. මීට අමතරව හිතුවක්කාරයා කියන ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා. 'බිඟු' කියන අලුත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වෙනවා. නාලක විතානගේ කරපු 'සරුංගල්' චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්