කැනඩාවේ 150 වෙනි සංවත්සරයට රටපුරා උත්සව

  👤  1630 readers have read this article !
Published by : MB WEB 2017-07-02 12:44:27

කැනඩාව රාජ්‍යයක් වශයෙන් ස්ථාපනය කර වසර 150 ක් සැපිරීම නිමිත්තෙන් සෙනසුරාදා (ජුලි 01) ඔටවා නුවර ඇතුළු රට පුරා උත්සව පැවැත්විණි.

ඔටවා නුවර පැවති සංවත්සර උළෙල සඳහා කැනේඩියානු වැසියන් දහස් ගණනක් සහභාගී වූහ.

සැමරුම් උත්සව අතරට කැනේඩියානු කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති සංගීත සංදර්ශන, ගුවන් සංදර්ශන, අලුතින් පුරවැසිභාවය ලබා ගැනීමේ උත්සව, ගිනිකෙළි සංදර්ශන ද ඇතුළත් විය.

කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ විසින් සම්ප්‍රදායිකව ඉංග්‍රීසි සහ ප්‍රංශ බසින් සංවත්සර උළෙල අමතනු ලැබීය.

ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකම කැනඩාව තුළ නිල වශයෙන් පිළිගැනේ.

"ඔබ කොහේ සිට ද පැමිණියේ, ඔබ කුමන ආගමක් ද අදහන්නේ, ඔබ කාටද ආදරේ කියන දේ අප තකන්නේ නැහැ. ඔබ සියලු දෙනාම කැනඩාවට සාදරයෙන් පිළිගන්නවා" යනුවෙන් සංවත්සර උළෙල අමතමින් අගමැති ජස්ටින් ට්රූඩෝ පැවසීය.

කැනඩාවේ ස්වදේශික ජනතාව සිහිපත් කරමින් අගමැතිවරයා කියා සිටියේ කැනඩාව වෙත මුල් පදිංචිකරුවන් පැමිණි දින පටන් ඔවුන් "මර්දනයේ ගොදුරු" වූ බවය.

"සමාජයක් වශයෙන් අප අතීතයේ සිදු වූ වැරදි පිළිගත යුතුයි" යනුවෙන් කී අගමැතිවරයා සංහිඳියාව දිනා ගැනීම සඳහා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇති බවත් සඳහන් කළේය.

(BBC)

 


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්