පෞද්ගලික රෝහල් රසායනාගාර පරීක්ෂණ ගාස්තු අද සිට අඩු වෙයි?

  👤  1775 readers have read this article !
Published by : MB WEB 2017-06-19 12:24:37

උදයන්ති මුණසිංහ

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල රුධිර පරීක්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද (19දා) සිට වහාම අඩු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පෞද්ගලික රෝහල් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව රුපියල් දෙසීය පනහක් ලෙස ද, ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව උපරිම රුපියල් දාහක් (1000) විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මීට පෙර ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් අය කර ඇති ගාස්තුව රුපියල් තුන්දහසකි.

රුධිර පරීක්ෂණ වාර්තා පැය භාගයක් තුළ රෝගියාට ලබා දිය යුතු බවත්, පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදු කරන අතර එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්