මුළුමනින්ම දැවවලින් තැනුණු ඇමෙරිකාවේ ප්‍රථම අහස සූරන මැඳුර

  👤  1684 readers have read this article !
Published by : MB WEB 2017-06-19 14:12:29

Skyscraper ස්කයිස්කේ්‍රපර් කියන වචනය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වී දැන් දැන් ආසියාව පුරාත් බහුලව භාවිත වෙන්නට පටන් අරන් තිබෙන්නේ. 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ සිට තට්ටු විශාල ප්‍රමාණයකින් යුතු ගොඩනැඟිලි තනමින් ඇමෙරිකාව ලොවට හඳුන්වා දුන් ප්‍රවණතාව දැන් අග්නිදිග ආසියාවේ සහ මැදපෙරදිග රටවල්ද වැලඳ ගෙන තිබෙන බැවිනි.

Skyscraper ස්කයිස්කේ්‍රපර් යන වචනයෙන් හැඳින්වීමට සුදුසුකම් ලැබීමට, එම ගොඩනැඟිල්ලට අවම වශයෙන් තට්ටු 40ක් තිබිය යුතුයි. එම ගොඩනැඟිලිවලට එම නම පටබැඳුණේ ඒවායේ අධික උස නිසා අහසේ ගෑවෙන උසත් ඉක්මවා ගොස් අහස සූරන්නට පුළුවන් තත්ත්වයක සිටින නිසයි.

ලූෂන් බුලත්සිංහල 80 දශකයේ මුල් භාගයේ සිංගප්පූරුවේ චාරිකාවකට ගොස් එම අත්දැකීම් ඇසුරෙන් නිමැවූ තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ, ඉමහත් ජනප්‍රියත්වයට පත් "සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මඟ බියකරු" වූ ගීතයේ අහස සූරන මැඳුරු ගැන සඳහන් වෙනවා.

සිංගප්පූරුව ඒ වනවිටත් ස්කයිස්කේ්‍රපර් ගොඩනඟන්නට පටන්ගෙන තිබුණා. ස්කයිස්කේ්‍රපර් යන වචනයට ලූෂන් බුලත්සිංහල යෙදූ මෙම නිර්මාණශීලී සිංහල යෙදුම කෙතරම් ගැළපෙනවා දැයි ඔබටත් දැන් වැටහෙනවා ඇති.

ඇමෙරිකාවේ ඔරිගන් ජනපදයේ පෝට්ලන්ඩ් නගරයේ බලධාරින් තම රටේ ප්‍රථම සම්පූර්ණයෙන්ම දැවවලින් නිමැවුණු ගොඩනැඟිල්ල තනන්නට අවසර දී තිබෙනවා. ගිය අඟහරුවාදා එම ගොඩනැඟිල්ල තනන සමාගම එම ආරංචිය ලොවට දුන්නා.

ඔවුන් සඳහන් කළේ එය දැව තාක්ෂණයේ නව සැතපුම් කණුවක් බවයි.

පෝට්ලන්ඩ් ස්ටේට් විශ්වවිද්‍යාලයේ සහ ඔරිගන් ස්ටේට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මෙම ගොඩනැඟිලි තැනුම්කරුවන් ලබා ගත්තේ මෙය තනන අමුද්‍රව්‍ය ගින්නෙන් ආරක්ෂා වීමේ ක්‍රමෝපායට හා රෙගුලාසිවලට ගැළපෙන ලෙස සකස්කර ගැනීමටයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙහි ගොඩනැඟීම ඇරඹෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්