අමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට

  👤  1099 readers have read this article !
Published by : MB WEB 2017-06-17 11:09:16

අමෙරිකානු නාවුක හමුදාවට අයත් යුද නැවක් ජපන් සමුද්‍ර කලාපයේදී පිලිපීන භාන්ඩ ප්‍රවාහන නෞකාවක ගැටි අනතුරට පත්ව තිබේ.

මෙම අනතුර හේතුවෙන් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

'Philippine-flagged merchant vessel' නම් කන්ටේනර් බහාලුම් ප්‍රවාහන නෞකාවේ මෙලෙස ගැටි ඇති අමෙරිකානු යුද නෞකාව ලොව බලගතුම යුද නෞකාවන්ගෙන් එකක්ද වන බවයි පැවසෙන්නේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් ගුවනින් ගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු මේ වන විටත් අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්