ෂාරුක්ගෙන් බ්‍රැඩ් ට යෝජනාවක්

  👤  1927 readers have read this article !
Published by : MB WEB 2017-06-15 16:33:35

සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ්පිට් පසුගිය දිනෙක ඔහුගේ  Nefflix සිනමා කතා මාලාවේ ප්‍රචාරක කටයුතුවලට ඉන්දියා සංචාරයකට එක් වුණා. මේ ප්‍රචාරක කටයුතුවලදි සුපිරි ඉන්දීය නළු ෂාරුක් ඛාන්වත් දකින්න ලැබුණා.

 Nefflix නමැති අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට තමයි බ්‍රැඩ් පිට් මේ විදියට මුම්බායි නගරයට ඇවිත් තියෙන්නේ. මුම්බායිවල පැවැති මෙම ප්‍රචාරක අවස්ථාවේදී බ්‍රැඩ් පිට් බොලිවුඩ් සිනමාව ගැනත් වෙනස් විදියෙ අදහස් පළ කරලා තිබුණෙ මේ විදියටයි.

"ඇත්තටම බොලිවුඩ් සිනමාව ගොඩාක් දෙනෙක්ගේ අවධානය දිනා ගන්නෙ ආකර්ෂණීය නර්තන වගේම ගායන අංගයන් තියෙන නිසයි. ඒ වගේම තමන්ටම අනන්‍ය වුණු භාෂාවකින් බොලිවුඩ් චිත්‍රපට නිර්මාණය කරන එකත් ගොඩක් විශේෂ දෙයක්. මම පෞද්ගලිකව බොලිවුඩ් සිනමාවට කැමතිත් මේ නිසයි."

"මම කොයිතරම් කැමති වුණත් මට නම් බොලිවුඩයට එන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ." බ්‍රැඩ් කියන්නේ ඔහුට නර්තන හැකියාවක් නැති නිසා චිත්‍රපටයකට අවස්ථාවක් නැති වෙයි කියලයි. ඒත් මේ අදහසට ෂාරුක් ඛාන් අපූරු යෝජනාවක් ඉදිරිපත් කළා. "බ්‍රැඩ් කැමති නම් නටන්න පුරුදු කරන්නත් අපිට පුළුවන්" මේ යෝජනාවට නම් බ්‍රැඩ් පිළිතුරු දී තිබුණේ සුහද සිනහවකින්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්