නින්ද යන්නටම තැනූ Sleep Number 360 Smart Bed (ස්මාර්ට් බෙඩ්)

  👤  2082 readers have read this article !
Published by : MB WEB 2017-06-14 13:22:54

'Sleep Number' සමාගම තම නවතම නිමැවුම "360 360 Smart Bed" එක ලොවට හඳුන්වා දී තිබෙනවා.

සීත කාලගුණික ප්‍රදේශවල ජීවත් වන වැසියන්ට සරිලන ලෙස සකසා ඇති "360 360 Smart Bed" එක නිදියන කෙනාගේ කකුල් (යටිපතුල් විශේෂයෙන්) උණුසුම් කිරීමට ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි අයුරින් නිමවා තිබෙනවා. ඊට අමතරව, එහි ඇති සංවේදක මඟින් නිදන්නා ගොරවන්නෙක් නම්, ඒ බව හඳුනාගෙන (Dual Side, adjustable) ඇඳ විසින් ස්වයංක්‍රීයව හිස තබන කොටස සියුම් ලෙස ඔසවා ගෙරවීම අඩු කිරීමට උපකාර කරයි.

ස්වයංක්‍රීයව වෙනස් වීමට හැකියාවක් ඇති මෙට්ටය ඔබේ පහසුම නිදි ඉරියව් හඳුනාගෙන, ඒවාට අනුකූලව, ඔබ නින්දේදි ඉරියව් වෙනස් කරයි නම්, එයට සංවේදී වී මෙට්ටය ඉබේ වෙනස් (adjust) කරන්නේ කුමන ඉරියව්වෙන් නිදාගත්තත්, උපරිම සුවය දැනෙන අයුරටයි. මේ සඳහා Smart Bed එක සමඟ එන Sleep IQ  සොෆ්ට්වෙයාර් එක සහාය වෙනවා.

Iphone සහ Android සමඟ ක්‍රියා කළ හැකි Sleep IQ ඔබේ කලින් රාත්‍රියේ නින්ද, නැතහොත් ගෙවුණු සතියේ හෝ මාසයේ, ඔබ කොතරම් සුවදායක ලෙස නිදාගත්තා දැයි විශ්ලේෂණයක් කර දෙන්නේ, ඊට සහය වන ලෙස අඩු වැඩි කළ යුතු මෙට්ටයේ (firmness) එකද නිර්දේශ කරමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්