නිවේදිකාවගේ සෙල්ෆියෙන් කැප්ටන්ස්ල තුන්දෙනකුට අගුණයි

  👤  1987 readers have read this article !
Published by : MB WEB 2017-06-14 14:43:46

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා විවිධ රටවලින් සහභාගි වී සිටින මාධ්‍යවේදීන් අතරින් මේ දිනවල විශාල ජනප්‍රියත්වයක් ලබා සිටින්නේ සයිනාබ් අබ්බාස් නම් නිවේදිකාවයි.

ඇය පාකිස්තානයේ උර්දු බසින් විකාශය වන 'දුන්යා නිව්ස්" නාළිකාවේ නිවේදිකාවක්.

සයිනාබ් දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩි විලියර්ස් සහ ඉන්දීය නායක විරාත් කෝලි සමඟ ගත් සෙල්ෆි ඡායාරූප දෙකක් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම ලකුණු නොලබාම දැවී ගියා.

මේ අතරින් ඩිවිලියර්ස් 'බින්දුවට' ගියේ මුල්ම වතාවටයි.

ඇගේ තෙවැනි සෙල්ෆිය අරගෙන තිබුණේ ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් සමඟයි.

ඒ පාකිස්තානය සමඟ පැවැති තරගයට පෙරයි. මේ පින්තූරයට බොහෝ අය 'කමෙන්ට්' කරලා තිබුණෙ 'ඇන්ජලෝටත් ඒ ඉරණමම' අත්වෙයිද කියලා.

ඒ තරමටම නැතත් ඇන්ජිලෝටත් සාර්ථක වෙන්න ලැබුණෙ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්