දීපිකා - රන්වීර් එකගෙට කොටු කළ පද්මාවතී

  👤  2187 readers have read this article !
Published by : MB WEB 2017-06-13 15:12:11

දීපිකා හා රන්වීර් දෙදෙනා මේ වන විටත් හරිම ආදරෙන් ඉන්න පෙම්වතුන් යුවළක් කියන එක නම් අලුත් කතාවක් නෙවෙයි. මේ දවස්වල රන්වීර් සිං හා දීපිකා පදුකෝන් එකම චිත්‍රපටයක රූගත කිරීම්වලට කාලය ගත කරන බව තමයි ආරංචි.

සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂවරයාගේ 'පද්මාවතී' චිත්‍රපටය නිසා මේ දෙන්නම ගොඩාක් කාර්යබහුලයි. චිත්‍රපටයේ රූගත කිරීම් නිසා වෙනත් සංචාරවලටත් මේ දෙන්නට වෙන් කරන්න වෙලාවක් නැතිලු. කාර්යබහුල බව නිසාම රූගත කිරීම කරන පසුතලයට සමීපයෙන් මහල් නිවාසයක කාමරයක් මිලදී ගන්නටත් රන්වීර්ට සිදුවෙලා.

දීපිකාත් රන්වීර් සමඟ මේ නිවහනේ රැඳෙමින් රූගත කිරීම්වලටත් සහභාගි වන බව තමයි ආරංචි වෙන්නේ. මේ දෙන්නාගේ රංගන කටයුතුවලට පහසුවක් නිසාම මේ තැන තෝර ගත්තත් රන්වීර් - දීපිකා පෙම්වතුන්ට මේක හොඳ අවස්ථාවක් කියලත් සමහරු කියනවලු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්