'Hubble Hugo' කේන්තිය කළමනාකරණය කරන රොබෝ (Anger Management Robot)

  👤  2052 readers have read this article !
Published by : MB WEB 2017-06-12 16:30:06

හබල් නම ඇසුණු සැණින් බොහෝ 'ටෙලෙක්ස්කෝප්' පාඨකයන්ට මතකයට එනු ඇත්තේ "Hubble Space Telescope" එකයි. නමුත් අද ඔබ "Telescope" හි කියවන Hubble නම් ඊට හාත්පසින් වෙනස් වෙනම ක්ෂේත්‍රයකට සම්බන්ධ වූ Robot කෙනෙක්. Amazon “Alexa” සමඟ සම්බන්ධ වන “Hubble Hugo” රොබෝට කාමරයක් නැතහොත් නිවෙසක් පුරා ඔබ පසුපස යමින්, ඔබේ මුහුණ පමණක් බලා, ඔබට ඒ මොහොතේ දැනෙන හැඟීම හඳුනා ගන්නට පුළුවන්.

මේ රොබෝට, SD Card එකක් වගේම අංශක 360ක් කැරකීමේ හැකියාවත් තිබෙනවා. ඒ වගේම එයට මිනිසුන් සහ සතුන් වෙන් කර හඳුනාගන්නත් පුළුවන්. එම නිසා ඔබට සුරතල් බල්ලාගේ හෝ පූසාගේ හැඟීම්, ඔබේ හැඟීම් සමඟ මාරුවී අපහසුතාවකට පත්වීමට ඉඩක් නැහැ.

ඔබේ හැඟීම් හඳුනාගන්නා "Hubble Hugo", ඊට සහනයක් ලෙස සංගීතය, විදුලි පංකාව, වායු සමීකරණ, ආලෝකය වැනි සාධක බොහෝමයක් "Alexa" සමඟ සම්බන්ධ වී වෙනස් කිරීමට හැකියාවක් තිබෙනවා.

බිලිඳුන්ට වඩා වැඩි උපකාර විය හැකි මෙම රොබෝ, සමහර හැඟීම් කළමනාකරණය කරගත නොහැකි වී පීඩා විඳින වැඩිහිටියන්ටත් උපකාරී වීමට බොහෝ ඉඩක් ඇති විය හැකි අතර ඩොලර් 250-300ත් අතර මිලකට මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට එයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්