ගුවනේ අනතුරෙන් සනී අනූනවයෙන් බේරෙයි

  👤  1997 readers have read this article !
Published by : MB WEB 2017-06-12 15:24:41

ජනප්‍රිය චිත්‍රපට නිළි සනි ලියෝන් නිතරම කතා බහට ලක්වෙන තරුවක්. පසුගිය දවසක සනී මාරාන්තික අත්දැකීමකට මුහුණ දුන්නා. සනී ලියෝන් ඇයගේ සැමියා වන Daniel weber සමඟ ගුවන් ගමනක් යන අතුරතුරදි තමයි මේ බිහිසුණු අත්දැකීමට ඇයට මුහුණ දෙන්නට සිදුවුණේ.

සනී ලියෝන්ගේ සැමියා වන ඩැනියෙල් හා තවත් හිත මිතුරන් කිහිප දෙනෙක්ම පෞද්ගලික ගුවන් යානයෙන් සමාජ සේවා කටයුත්තකට පිටත් වුණත් අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතුණු නිසා ගුවන් යානය හදිසියේ අනතුරකට ලක්වෙන බව හැමෝටම දැනිලා.

ඒ වුණත් ගුවන් නියමුවාගේ දක්ෂතාව නිසා එම අනතුර වළක්වා ගෙන මේ සියලු දෙනාව සුරක්ෂිතව මහාරාෂ්ට ප්‍රදේශයට ගොඩබස්සවන්නටත් හැකියාව ලැබිලා.

මේ හදිසි අනතුරින් තමන්ගේ ජිවිතය බේරාගත් නිසා සනී ලියෝන් ගුවන් නියමුවාට ඇගේ ට්විටර් වෙබ් අඩවියෙන් ස්තුති කරලා තිබුණා. නිතරම සමාජ සේවා කටයුතු කරන සනී ලියෝන්ට මේ වගේ මාරක අනතුරකින් බේරෙන්නත් වාසනාව තියෙන්න ඇති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්