2 in 1 රෙදි සෝදන වේළන යන්ත්‍රය

  👤  2231 readers have read this article !
Published by : MB WEB 2017-06-09 16:43:50

රෙදි සේදීම යනු පොදුවේ කවුරුත් කරදරයක් ලෙස සිතන කාර්යයක්. මෙම කටයුත්ත යන්ත්‍රයකින් කළත්, දෑතින් කළත් අවසානයේ එතරම් ප්‍රියමනාව නොවන අත්දැකීමක් බැවින්, රෙදි සේදීමේ කරදරයෙන් යම් තරමකට පාරිභෝගිකයන් මුදන්නට මාර්ග සොයන්නට, ලෝකයේ විශාල උපාංග නිෂ්පාදනය කරන දැවැන්ත සමාගම් උත්සාහ කළා.

කොරියාවේ SAMSUNG සමාගම මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දී විප්ලවීය රෙදි සෝදන, වේළන යන්ත්‍රයක් Flex Wash + FlexDry ලෙසින් නිමවා තිබෙනවා. ඔබට හුරුපුරුදු උඩ පියන විවෘත කර රෙදි දමන හෝ ඉදිරිපස පියන විවෘත කර රෙදි ඔබන යන්ත්‍ර වෙනුවට මෙම Samsung “flexWash+ FlexDry" උඩ පියන සහ ඉදිරිපස පියන යන විවර 2ම සහිතව එක ඒකකයක් ලෙස නිමවා තිබෙන්නේ, ඉදිරි පියනෙන් ධාරිතාව වැඩි වෙන්නටත්, උඩ පියනෙන් අඩු ධාරිතාවකින් යුක්තව, කුඩා රෙදි ඇතුළු කරන්නටත් පහසු කරමින්.

එමනිසා මෙම තනි "Washing Machine" සෝදන යන්ත්‍රයේ ධාරිතා 2කින් යුතු සෝදන කුටි 2කුත්, වේළන යන්ත්‍රයේ ධාරිතා 2කින් යුතු වේළන කුටි 2කුත් සාදා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම 2in1 රෙදි සෝදන / වේළන බවට ඉඒර්ඉඋව්ට් SAMSUNG “flexWash+ FlexDry” පත් වී තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්