මෙවර අයි.සී.සී. ක්‍රිකට් තරගාවලියේදී අපිටත් ලොකු දෙයක් කරන්න පුළුවන්

  👤  1307 readers have read this article !
Published by : MB WEB 2017-05-17 14:08:29

ලෝකයේ හොඳම එක්දින කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින තම කණ්ඩායම මෙම ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පැහැදිලි යමක් කිරීමට සූදානම්ව ඇති බව එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි පවසයි.

පාකිස්තානය සමග පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැවැති එක්දින තරගයකදී ලකුණු 444ක් ලබා ලොව ඉහළම ලකුණු ලැබූ කණ්ඩායම බවට පත්වූයේ ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුතුව බව පෙන්වා දෙන අලි පසුගිය කාලයේදී පැවැති එක්දින තරගාවලි සියල්ලම තියුණු අවසානයක් කරා ගෙන යෑමට එංගලන්ත කණ්ඩායමට හැකි වූ බවද කීය.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ධනාත්මකව සිතන අලි පවසන්නේ තමන්ගේ රටේ පැවැත්වෙන මෙම තරගාවලිය එංගලන්ත කණ්ඩායමේ සුබවාදී මාවතට වඩාත් සමීපව සිටින බවය.

2015 වසරේ ඕස්ට්‍රේලියාවේදී හා නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ සිටි ඉයන් බෙල් හා ගැරී බැලන්ස් වැනි ක්‍රීඩකයන් කණ්ඩායමේ නොමැති වුණත් එයට හාත්පසින්ම වෙනස් පිතිකරණ බළඇණියක් අද එංගලන්ත කණ්ඩායම සතුව ඇති බවද ඔහු පවසයි.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය සමඟින් මූලික වටයේදී තරග වදින නමුත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට තම කණ්ඩායමට හැකි වෙතැයි අපේක්‍ෂා කරන බව කී අලි දකුණු අප්‍රිකාව සමඟින් මැයි මස 24දා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තම කණ්ඩායමට දක්‍ෂතා මුවහත් කරගැනීමට බෙහෙවින් උපකාර විය හැකි බවද පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්