2017 වර්ෂයට ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ඇරැඹේ

  👤  1564 readers have read this article !
Published by : MB WEB 2017-05-17 11:47:03

ජේ.ටී.ද සිල්වා - දයා පෙරේරා

ඡන්ද හිමි නාමලේඛනය (2017) සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම පිණිස අදාළ පෝරම නිවෙස් වෙත බෙදාදීම ආරම්භ කෙරේ.

ග්‍රාම නිලධාරී වසම් 14,000කට අධික ග්‍රාම නිලධාරීන් විසින් එම පෝරම් කොළ බෙදා දීමෙන් පසු ඒවා සම්පූර්ණ කර ආපසු භාරගැනීම මැයි මස 31 වැනිදා සිට ආරම්භ කරනු ඇත.

තමන්ගේ නම 2016 අනුමත කළ ඡන්ද හිමි නාම ලේඛනයෙහි ඇතුළත් වී ඇද්ද යන්න ඡන්දදායකයන්ට බලාගැනීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල මැයි මස 31 වැනිදා තෙක් ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සඳහන් කරයි.

ඡන්දහිමියකු වශයෙන් ලියාපදිංචිය ලැබීමට සුදුසුකම් ලබා ඇති සියලුම ඡන්දදායකයන්ගේ නම් මෙවර ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට සියලු පියවර ගැනීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්