අගමැති මෝඩි ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට තර්ජනයක්

  👤  1660 readers have read this article !
Published by : MB WEB 2017-05-16 09:29:59

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට තර්ජනයක් යැයි පිවිතුªරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෝඩි මහතා ලංකාවට එන බවත් එය සංස්කෘතික සංචාරයක් මිස දේශපාලන සංචාරයක් නොවන බවට ආණ්ඩුව පුන පුනා කීවද ඉන්දීය අගමැතිවරයාගේ කියුම් කෙරුම් දෙස බලන විට ඔහු මෙහි පැමිණියේ ද්විපාර්ශ්වික හමුවකට බව ඊයේ (15දා) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කතා කළ ගම්මන්පිල මහතා,

අගමැති මෝඩි දික්ඔය ගිහින් ජනපති සිරිසේනයි අගමැති වික්‍රමසිංහයි දෙපැත්තේ තියාගෙන කියනවා බස්නාහිර ක්‍රියාත්මත ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරනවා කියලා. වතුකරයේ නව නිවාස දස දහසක් හදනවා කියලත් කියනවා. ලංකාව ගැන තීන්දු තීරණ ගන්න එතුමාට තියෙන බලය මොකක්ද? එතුමා කතා කළේ හරියට ලංකාව ඉන්දියාවට අලුතින්ම අෑ¼දාගන්නා 30 වැනි ප්‍රාන්තය වගේ. දකුණු පැත්තේ හිටියේ ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා සිරිසේන. වම් පැත්තේ හිටියේ ලංකාවේ මහ ඇමැති වික්‍රමසිංහ. මේක හීතලුවක්වත් භයානක සිහිනයක්වත් නොවේ. ඇත්තටම දික්ඔයදී සිදුවුණු දෙයක්.

ඉන්දීය අගමැතිවරයා සමඟ පෞද්ගලික මට්ටමේ හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කිසිදු අමනාපයක් මගේ නැහැ ගැටලුව ඇත්තේ මතවාද හා ප්‍රකාශයන් පිළිබඳවයි. හුදෙක්ම රටට පැමිණ නායකයකු කළ කී දෑ පිළිබඳව රාජ්‍ය නායකයන් මහත් උද්දාමයෙන් උදම් අනන නමුත් එයින් අත්වන අනිටු ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරින් කතිකාවක යෙදීමට අප නායකයන් පසුබට වෙනවා යම් හෙයකින් රටේ නායකයාට වැරැදුණු විට සිදුවන්නේ මුළු ජාතියම අයහපත් ඉරණමකට ගොදුරු වීමයි.

මැයි දිනය අවසන් වෙලා සති දෙකක් ගත වුණත් තවමත් ආණ්ඩුව මැයි දිනයේ සෙනඟ ගණන් හදනවා. සමහරුන්ට ගැටඹේ හුණ්ඩුවේ තිබුණේ ඉතිහාසයේ ලොකුම මැයි රැලියලු. පෙළපාළියේ දිග කිලෝ මීටර් 6ක් කියනවා. තවත් අයට කැම්බල් පිට්ටනියෙ ඉඩ මදි වුණු නිසා කැම්බල් පිටිය පිරිලා ඉතිරිලා වල්ගා තරුවක් වගේ පාර දිගෙන් සෙනඟ හිටියලු.

මේ ආණ්ඩුවේ පක්ෂ දෙකට අපේ අතින් බලවත් අසාධාරණයක් වෙලා. ඒ අයට සෙනඟ පෙන්වා ගන්න බැරි වුණේ හුණ්ඩු පිට්ටනිවල මැයි රැලි පැවැත්වූ නිසානෙ. හුණ්ඩු පිට්ටනිවල මැයි රැලි පැවැත්වූවේ අපි ලංකාවේ ලොකුම පිට්ටනිය වෙන්කර ගත් නිසානෙ. ඔන්න ලබන පාර මැයි දිනයට අපි ගාලු මුව‍ෙදාර පිට්ටනිය ගන්නේ නෑ. ආණ්ඩුවේ පක්ෂ දෙක වෙන වෙනම බැරි නම් එකතු වෙලා හරි ලබන පාර මැයි දිනය ගාලු මුවදොර පවත්වන්නකො. එතකොට ගැලුවා කියන ජන ගඟ රටේ ජනතාවට හරියටම බලාගන්න පුළුවන්. මේක ආණ්ඩුවේ පක්ෂ දෙකටම අභියෝගයක්. මොළය උළුක් වෙන ගණන් හදන්නේ නැතිව ලබන පාර ඉන්න සෙනඟක් ගාලු මුව‍ෙදාරට ගෙනැවිත් රටටම පෙන්වන්න.

ආණ්ඩුව රට බරපතළ ආර්ථික අර්බුදයකට තල්ලු කරලා කියලා අපි කියනකොට ඇමැතිවරු කීවා, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ඉරිසියාවෙන් බොරු කියනවා කියලා. එකම මහ බැංකු අධිපති ලිඛිතව මුදල් ඇමතිට දැනුම් දීලා තියෙනවා, 2015 මහ බැංකු වාර්තාවට සාපේක්ෂව 2016දී ඒක පුද්ගල ආදයම ඩොලර් 3744 සිට 3727 දක්වා අඩුවෙලා කියලා. අපනයන ආදායම ඩොලර් මිලියන 10,546 සිට 10,310 දක්වා අඩුවෙලා. විදේශ සංචිත අඩුවෙලා. රුපියල පිරිහිලා. කොටස් වෙළෙ¼දපොළ කඩා වැටිලා. ලංකාවේ ආර්ථිකය දැවැන්ත අරබුදයක තියෙන්නේ.

ජනපති අගමැති ලෝකය පුරාම රවුම් ගහලා ජාත්‍යන්තරය දිනාගත්තා කිව්වනෙ. මේ අර්බුදයෙන් ගොඩ එන්න ඒ යාළුවන් උදවු කරන්න එපැයි. අපේ භාණ්ඩවලට වෙළෙ¼දපොළ විවෘත කරන්න බැරි නම් අපේ ග්‍රමිකයන්ට රැකියා වෙළෙඳපොළ විවෘත කරන්න බැරි නම් අඩුම ගණනේ මෙන්න මේක තියා ගනින් කියලා පුංචි තෑග්ගක් මිට මොළවන්න බැරි නම් මේ මිතුරුකම්වලින් ඇති වැඩේ මොකක්ද?මේ ජාතියේ යාළුවන්ට තමයි බුදුන් වහන්සේ වචී පරම මිතුරන් කියලා කිව්වෙ. ආණ්ඩුවේ නායකයන් ලෝකය වටේ රවුම් ගහන එක නවත්තලා මේ වෙසක් සතියේ බණ පොතක්වත් කියෙව්වා නම් මේ වගේ වචීපරම මිත්‍රයන්ට රැවටෙන්නේ නැහැ යැයිද උදය ගම්මන්පිල මහතා පැවැසීය. මෙම මාධ්‍ය හමුව සඳහා තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, නැඟෙනහිර කොළඹ සංවිධායක සරත් ඩයස් යන මහත්වරුද එක්ව සිටියහ.

පණ්ඩුක සමරසේකර

ඡායාරූප _ ලක්සිරි රුක්මන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්