යුද්ධයෙන් මියගිය පිරිස ගැන විදෙස් පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි

  👤  2290 readers have read this article !
Published by : MB WEB 2017-05-15 09:09:38

මුලතිව් - ශෂිකුමාර්

යුද්ධයේදී සාමාන්‍ය වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් මිය ගියා. විදෙස් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් මහතා කියයි.

යුද සමයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීමේ ජන සංහාර සතිය ආරම්භ කරමින් ඔහු එසේ පැවැසුවේ දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මියගිය පිරිස් වෙනුවෙන් යාපනයේ පැවති පහන් දැල්වීමේ ආගමික අවස්ථාවකට එක්වෙමිනි.

යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී සිවාජිලිංගම් හා ආනන්දි ශෂිධරන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පහන් දැල්වීම සිදුකෙරිණි.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රි සිවාජිලිංගම් කියා සිටියේ, යුද්දෙන් මිය ගිය ලක්ෂයකට ආසන්න සාමාන්‍ය වැසියන් වෙනුවෙන් සාධාරණ විනිශ්චයක් කරන්න විදේශීය පරීක්ෂණයක් අවශ්‍ය බව අපේ එකම ඉල්ලීම යනුවෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්