රනිල්-මෛත්‍රි චීනෙට යති

  👤  1069 readers have read this article !
Published by : MB WEB 2017-05-13 11:45:32

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන "එකම තීරයක් - එකම මාවතක්" මහා සමුළුවට සහභාගි වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ඊයේ චීනය බලා පිටත්ව ගියහ.

පැවැත්වෙන ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට රටවල් 30ක රාජ්‍ය නායක නායිකාවෝ සහභාගි වෙති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරැඹුණු "තීරයක් සහ මාවතක්" ප්‍රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලැසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැඟෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපයීය අධ්‍යක්ෂ සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී. එම්. එස්. ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක් වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්