ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවේ අවධානය

  👤  765 readers have read this article !
Published by : MB WEB 2017-05-13 10:02:56

දෙනගම ධම්මික රණවීර

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකැසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන පරස්පර අදහස් නිසා ඒ අතරිනුත් සියලු දෙනාට එකඟ විය හැකි සීමිත කරුණු පමණක් ඇතුළත් කොට ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ඉදිරිපත් කිරීමට නව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමු වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයකට යොමුවීම, බලය බෙදීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන මූලික කරුණු 3 පිළිබඳ නිශ්චිත එකඟත්වයකට පැමිණීමට එජාපයට හා ශ්‍රී ලනිපයට නොහැකි වීම ඒ සඳහා ප්‍රමුඛ ලෙස බලපා ඇති බවද නව ව්‍යස්ථාවය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් අනාවරණය කළේය.

නව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව විසින් ලබන 23 වැනිදා වන විට ව්‍යවස්ථාවට යෝජනා ලිඛිතව භාර දෙන ලෙස දන්වා ඇත. එම යෝජනා ලබන 23 සිට 26 දක්වා සාකච්ඡාවට ගැනෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්