බර්න්ලේ කණ්ඩායමේ වෝක්ස්ගෙන් ගෝල ද්විත්වයක්

  👤  1761 readers have read this article !
Published by : MB WEB 2017-05-11 14:22:25

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදී මිඩ්ල්ස්බේ‍රා් කණ්ඩායම 3-0ක් ලෙස පරාජය කළ චෙල්සි කණ්ඩායම ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

ඒ අනුව ඔවුන් මේ වනවිට මුළු ලකුණු 84ක් ලබා ඇති අතර, ඔවුන්ට පසුපසින් දෙවැනි තැන සිටින ටොටෙන්හැම් කණ්ඩායම මුළු ලකුණු 77ක් ලබා දෙවැනි තැන පසුවෙයි.
මේ අතර පසුගියදා පැවැති බර්න්ලේ හා වෙස්ට් බෘෘම් තරගයේදී 85වැනි විනාඩිය තෙක්ම ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි වෙස්ට් බෘෘම් කණ්ඩායමේ ආධිපත්‍යය කඩා බිඳ දැමූ බර්න්ලේ කණ්ඩායමේ සෑම් වෝක්ස් 86වැනි විනාඩියේදී ලැබූ ගෝලය හේතුවෙන් තරගය ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයේ අවසන් විය. එහිදී බර්න්ලේ කණ්ඩායම ලැබූ ගෝල දෙකෙහිම අයිතිය වෝක්ස්ට හිමිව තිබිණි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී පැවැති අනෙක් තරගවලදී ආසනල් කණ්ඩායම විසින් ගෝල 2-0ක් ලෙස මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමත්, මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 5-0 ක් ලෙස ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමත්, සන්ඩර්ලෑන්ඩ් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස හල් සිටි කණ්ඩායමත් පරාජය කිරීමට සමත්ව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්