යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සමරන්න සිවාජිලිංගම්ගෙන් සතියක්

  👤  2121 readers have read this article !
Published by : MB WEB 2017-05-11 10:35:04

ආරියරත්න ගනේගොඩ

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ සතියක් සංවිධාන කිරීමට උතුරු පළාත් සභාවේ මන්ත්‍රි එම්. කේ. සිවාජිලිංගම් මහතා තීරණය කර තිබේ.

මන්ත්‍රිවරයාගෙන් මේ පිළිබඳව "මව්බිම" කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ මේ මස 12දා (හෙට) සිට 18දා දක්වා එම සැමරුම් සතිය පවත්වන බවත් ජන සංහාර සතිය ලෙස එය නම් කර තිබෙන බවත්ය.

මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය උතුරු පළාතේ ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්හි මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්