පාසල් ලීග් රග්බි තරගාවලිය වෙස්ලි ඉදිරියේ ශා.පීතරට පරාජයක්

  👤  1518 readers have read this article !
Published by : MB WEB 2017-05-09 13:29:47

වෙස්ලි, මහනුවර ත්‍රිත්ව, කොළඹ රාජකීය හා කොළඹ ඉසිපතන යන කණ්ඩායම් සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ කුසලාන ශූරතා වටයට අදාළව පසුගියදා පැවැති තරගවලදී ජය අත්කර ගැනීමට සමත්විය.

එහිදී ප්‍රබල ශා.පීතර කණ්ඩායම ලකුණු 26-14 ක් ලෙස පරාජය කිරීමට වෙස්ලි කණ්ඩායම සමත්වීම පසුගිය සතියේදී සිදුවූ විශේෂිතම සිදුවීම බවට පත්වී තිබිණි.

ශා. ජෝශප් හා ත්‍රිත්ව තරගයේදී ශා.ජෝශප් කණ්ඩායම පළමු භාගයේදී ලකුණු 17-15 ක් ලෙස ඉදිරියෙන් සිටියද අනුක බෝයගොඩ, අකිල සකලසූරිය හා ලෂාන් විජේසූරිය දෙවැනි භාගයේදී ලැබූ උත්සාහක දිනුම් හේතුවෙන් ලකුණු 30-25 ක තියුණු ජයක් ලබාගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයන්ට හැකිවිය.

මරදාන සහිරා හා කොළඹ රාජකීය අතර තරගය ලකුණු 65-14 ක් ලෙස පහසුවෙන් ජයගැනීමට රාජකීය විදුහල් කණ්ඩායම සමත් විය. ශා.ජෝශප් හා ත්‍රිත්ව තරගයේ විශේෂ අවස්ථාවක්.

ඡායාරූපය _ නුවන් අමරවංශ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්