ලක්ෂ 80ක නාස්තියක් ගැන වසන්තගෙන් චම්පිකට චෝදනාවක්

  👤  2233 readers have read this article !
Published by : MB WEB 2017-05-06 10:23:54

අනුරාධා හේරත්

නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමැති චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන වෝටර්ස් ඒජ් ආයතනයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් යොදවමින් මේ වෙසක් ප්‍රදර්ශන කුටිය ඉදිකිරීමට අවශ්‍ය සියල්ල සූදානම් කර ඇතැයි සමරසිංහ මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ වෝටර්ස් ඒජ් ආයතනයේ සේවකයන් මීට මාස කිහිපයකට ඉහතදී ඔවුන්ගේ වාර්ෂික වැටුප් වර්ධන දීමනාවට සියයට 4ක් ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් නොමැති බව පැවැසූ පාලක මණ්ඩලය දින 3,4කට ලක්ෂ 80ක් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

වෝටර්ස් ඒජ් ආයතනයේ සභාපතිවරයා පත් කර ඇත්තේ ඇමැති චම්පික රණවක වන අතර එම සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටින බවත් පෙන්වා දෙන ඒ මහතා විමසුවේ ඇමැතිවරුන්ගේ හා සභාපතිවරුන්ගේ හිතවත්කම් මත මෙලෙස සේවකයන්ට අයත් මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දිය යුතුද යන්නයි.
සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේ එකී ආයතනයේ සේවකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම වෙසක් ප්‍රදර්ශන කුටිය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක ඉදිරි දින කිහිපයේදී ඉදිකිරීමට නියමිත බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්