මෛත්‍රිගෙන් මෝදිට සුබ පැතුමක්

  👤  2050 readers have read this article !
Published by : MB WEB 2017-05-06 09:04:16

ශ්‍රී ලංකාව ඇතුථ සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් සියල්ලටම පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව විසින් ඊයේ(05) පස්වරුවේ ගුවන්ගත කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය සුබපැතුම් පිිරිනැමීය.
 
ඒ අනුව ඊයේ(05) පස්වරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමතූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනමමින් ප්‍රකාශ කර ඇත්තේ සාර්ක් රටවල් අතර සහයෝගීතාවය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අභිවෘද්ධිය හා ප්‍රගමණය උදාකර ගැනීම සදහා මෙම චන්ද්‍රිකාව දියත් කිරීම ඓතිහාසික සන්ධිස්ථානයක් වනුඇති බවයි. 
 
සාර්ක් කලාපීය රටවල් අතර සම්බන්ධතාවය ශක්තීමත් කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ බවයි සඳහන් වන්නේ. 
 
'දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව' ලෙස හදුන්වා ඇති මෙම චන්ද්‍රිකාව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රොකට් අංගනයෙන් ගුවන්ගත කෙරුණු අතර ඉන්දීය රුපියල් කෝටි 450 ක වියදමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 'සංවර්ධනය සියල්ලන්ටම' යන සංකල්පය යටතේ ක්‍රියාවට නැංවූවක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්