මේ සති අන්තයේදීත් පාසල් රග්බි පිටිය උණුසුම්

  👤  1323 readers have read this article !
Published by : MB WEB 2017-05-05 13:27:55

සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ කුසලාන ශූරතා වටයේ තරග කිහිපයක් අද හා හෙට පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී හෙට (06දා) පැවැත්වෙන කොළඹ ඉසිපතන කණ්ඩායම හා ගල්කිස්ස ශාතෝමස් තරගය බොහෝ දෙනකුගේ අවධානය දිනා ඇති තරගයක් ලෙස හැඳින්විය හැකිය.

ඒ අනුව එම තරගය හෙට පස්වරු 4.30ට කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් අද දිනයේදී (05දා) කොළඹ ශා.ජෝෂප් හා මහනුවර ත්‍රිත්ව තරගය පස්වරු 4.30ට හැව්ලෝක්ස් පිටියේදීත්, වෙස්ලි හා ශා.පීතර තරගය හෙට (06දා) පස්වරු 4.30ට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදීත්, සහිරා හා කොළඹ රාජකීය තරගය හෙට පස්වරු 4.30ට සහිරා පිටියේදීත් පැවැත්වෙනු ඇත.

මේ අතර මෙම තරගාවලියේ පළමු කොටසේ පළඟ ශූරතා වටයේ තරග දෙකක්ද හෙට (06දා) දිනයේදී පැවැත්වෙන අතර, එහිදී විද්‍යාර්ථ හා ධර්මරාජ තරගය නිත්තවෙලදීත්, ගල්කිස්ස විද්‍යා හා කොළඹ ඩී.එස්.සේනානායක තරගය ගල්කිස්ස විද්‍යා විදුහල් පිටියේදීත් පැවැත්වීමට නියමිතය තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්