23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය

  👤  1409 readers have read this article !
Published by : MB WEB 2017-05-04 13:11:43

කෝසල ගමගේ

මේ දිනවල ඉරානයේදී පැවැත්වෙන ආසියානු වයස 23න් පහළ පිරිමි වොලිබෝල් ශූරතාවට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තායිලන්තයට එරෙහිව පැවැති තියුණු තරගයකින් පසු වට 3-1ක් ලෙස පරාජයට පත් වීමත් සමඟින් සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟ හරවා ගත්තේය.

කණ්ඩායම් 11ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදුණු මෙම තරගාවලියේ 'ඩී' කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් 2 වූ ජපානය සහ තායිලන්තය සමඟ තරග 2කට මුහුණ දිය යුතුව තිබූ අතර තරගාවලිය ආරම්භක දිනයේ ජපානයට එරෙහිව වට 3-0කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මූලික වටයේ දෙවන සහ අවසන් තරගයෙන් තායිලන්තය හමුවේද පරාජය වීම හේතුවෙන් එලෙස සුපිරි 8 වටයෙන් ඉවත් වීමට සිදු විය.

කෙසේ වෙතත් ඊයේ තායිලන්තයට එරෙහි තරගය ආරම්භයේදී ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේදී ලකුණු 25-23ක් ලෙස තායිලන්තය පරාජය කිරීමට සමත් වූ අතර දෙවන වටයේදී ලකුණු 21-25ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් විය. අනතුරුව තරගයේ තෙවන සහ සිවුවන වට ගෙවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජවය කෙමෙන් හීන වන ආකාරයක් පෙන්නුම් කළ අතර එයින් ප්‍රයෝජන ගත් තායිලන්ත කණ්ඩායම අවසන් වට දෙකේදී පිළිවෙළින් ලකුණු 25-19ක් හා 25-18ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අංක 9 සිට අංක 11 අතර ස්ථානයක් වෙන් කරවා ගැනීම ස¼දහා ඉදිරියේදී පිළිමළුන් පිටු දැකීමේ වටයකට මුහුණ දීමට සිදුවන අතර එම වටයේ පළමු තරගය අද උස්බෙකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්