හිමිකරුගේ notifications පිට අයට නොපෙනෙන දුරකතනයක්

  👤  2012 readers have read this article !
Published by : MB WEB 2017-05-03 15:04:03

මේ අපූරු දුරකතනය පසුගියදා එළිදැක්වූයේ Huawei නම් චීන සමාගම. අනාගතයෙන් පැමිණි දුරකතනයක් ලෙස සමාගම විසින් හඳුන්වා දෙන මේ දුරකතනය නමින් Honor Magic මෙය බැලූ බැල්මට අපූරු නිමාවකින් සහ නවතම හැඩයකින් යුක්තයි. සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන ඔබට මේ දුරකතනය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි වුණත් ගැටලුවක් වන්නේ ඒ සෑම දෙයක්ම චීන භාෂාවෙන් තිබීමයි.

මෙහි අඟල් 5ක AMOLED තිරයක්, මෙගා පික්සල් 12ක ද්විත්ව පසුපස කැමරාවක්, මෙගා පික්සල් 8ක ඉදිරිපස කැමරාවක්, Huawei kirin 950 ප්‍රොසෙසරයක්, 2900mAh බැටරියක් වගේම 64GB Storage එකක් සහ 4GB RAM එකක් අන්තර්ගත වෙනවා. මේ දුරකතනය golden black සහ Porcelain white යන වර්ණ දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දුරකතනයේ Fingerprint Scanner එකක්ද අන්තර්ගතයි.

මෙම දුරකතනයේ අඩංගු වන “WiseScreen” කියන තාක්ෂණය දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව සංවේදක වගේම IR සංවේදකය උපයෝගී කරගෙන දුරකතනය අත දරා සිටින පුද්ගලයාගේ අත් සහ දෑස් හඳුනාගැනීමකට ලක් කරනවා. ඒ වගේම මෙහි අඩංගු "FaceCode Intelligent Rocognition" කියන පහසුකම මඟින් දුරකතනය අත දරා සිටින පුද්ගලයා අනුව දුරකතන තිරයේ දිස්විය යුතු notification පිළිබඳ තීරණය කරනවා. මෙම දුරකතනයෙන් හොරෙන් පණිවුඩ හුවමාරු කරමින් සිටින අවස්ථාවක ඔබගේ මවට මේ දුරකතනය හසුවුවහොත් එය ලොක් කර තිබේ නම් අදාළ පණිවුඩ ලැබීමේ notification කිසිවක් ඇයට දැකගන්නට නොලැබෙයි.

මේ දුරකතනය Android 6.0 මඟින් පණගැන්වෙනවා. සමාගම පවසන ආකාරයට මේ දුරකතනයට ඔබ වාහනයක ගමන් කරන බව පවා ස්වයංක්‍රියව හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්