සයිබර් අපරාධවලට ඉඩ අහුරන මං

  👤  1875 readers have read this article !
Published by : MB WEB 2017-05-02 15:38:54

බි්‍රතාන්‍යයේ අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය (NCA) නිකුත් කළ වාර්තාවක් මඟින් පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්වන මාර්ග පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ.

බොහෝ දෙනා 'අන්තර්ජාල ක්‍රීඩා (games) වෙනස් කිරීමේ' වෙබ් අඩවි හෝ එවැනි උපදෙස් සාකච්ඡා කෙරෙන අන්තර්ජාල සංසද ඔස්සේ අන්තර්ජාල ක්‍රීඩා වෙනස් කිරීම පිළිබඳ තොරතුරු ලබාගන්නා බවත් එසේවුවද ධනාත්මක අවස්ථා, ආදර්ශවත් පුද්ගල ප්‍රතිරූප සහ උපදේශකයන් මඟින් පුද්ගලයන් සයිබර් අපරාධවලට යොමුවීමෙන් මුදා ගත හැකි බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.

පරිගණක සම්බන්ධ අපරාධ සඳහා අත්අඩංගුවට පත් හෝ පිරික්සීමට ලක්වූ පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් සහ එවැනි වැරැදිකරුවන් පිළිබඳව කරුණු අධ්‍යාපනික විමර්ශනවලින් හෙළිවූ තොරතුරු පදනම්ව ඉහතකී වාර්තාව නිකුත් කර ඇත.

එසේම අන්තර්ජාල ආක්‍රමණ නැතහොත් 'හැක් කිරීමේ' අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගනු ලැබූ පිරිස් සමඟ ඇසුරු කිරීමෙන් තොරතුරු ලබාගත් බව අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය පවසයි.

මෙසේ සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ බොහෝ දෙනා ගැටවර වියේ පසුවූවන් වන අතර ඔවුන් සොරකම් කිරීම, වංචාව හෝ අන්තර්ජාලය ඔස්සේ ලිංගික හිරිහැර කිරීම වැනි දේ අරමුණු කරගත් අය නොවන බව හෙළි වී ඇත.

Image copyright EPA Image caption වාර්තාව මඟින් අවධාරණය කර ඇති ප්‍රමුඛ සත්‍යය වන්නේ අන්තර්ජාලය නව අපරාධකරුවන් විශේෂයක් සමාජයට හඳුන්වා දී ඇති බවය.

 ජනපති වෙබ් අඩිවිය 'හැක් කිරීම'; තරුණයෙක් අත්අඩංගුවේ
 වෙබ් අඩවිය හැක් කළ සිසුවා 'රටට සම්පතක් විය හැකියි'
 අන්තර්ජාල අඳුරු යුගයක්
 සමාජ මාධ්‍ය ජාලයෙන් ළමුන් බේරා ගනිමු
 ඩිජිටල් උපාංග කප්පම් ගැනීමේ අවදානමක්

සම්මුඛ සාකච්ඡාවලට කැඳවූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය අවුරුදු 17ක් වන අතර එය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 37 සහ මූල්‍ය අපරාධවලට චෝදනා ලැබූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 39 ට වඩා බෙහෙවින් අඩු බව වාර්තාව හෙළිකරයි.

එසේ සයිබර් අපරාධකරුවන් බවට පත්වන්නන් අතර වයස අවුරුදු 12ක් පමණ වන ළමුන් ද සිටින නමුත් ඔවුන් මූල්‍යමය වාසි තකා පෙලඹෙන්නන් නොවන බව සඳහන් වේ.
නව අපරාධකරුවන් මෙම NCA වාර්තාව මඟින් අවධාරණය කර ඇති ප්‍රමුඛ සත්‍ය වන්නේ අන්තර්ජාලය නව අපරාධකරුවන් විශේෂයක් සමාජයට හඳුන්වා දී ඇති බවය.

සැබෑ ලෝකයේදී අපරාධයක් කිරීමට සිතන්නේවත් නැති බාල සහ ගැටවර වියේ තරුණයන් අන්තර්ජාලයට පිවිස වෙනත් පුද්ගලයන්ගේ දත්ත සොරකම් කිරීම, වෙබ් අඩවි විනාශ කර දැමීම, දත්ත ගබඩා අවුල් කර දැමීම සහ නීතිවිරෝධී භාවිතය මඟින් විවිධ පුද්ගලයන්ට අලාභ සහ හානි සිදුකරන බව ඒ මඟින් මතුකොට දක්වා ඇත.

කෙසේ වුවද අන්තර්ජාල භාවිතය පිළිබඳ සැලකීමේදී 'වැරැද්ද' සහ 'නිවැරැද්ද' අතර පවතින අපැහැදිලි සීමාව මෙම ගැටලුවට හේතුවී ඇති බව විචාරකයෝ පවසති. අන්තර්ජාල ක්‍රීඩාවකදී ප්‍රතිවාදියාට සයිබර් ප්‍රහාරයක් එල්ලකර ජයග්‍රහණය කිරීම, තමා ප්‍රිය නොකරන පාසලක හෝ රාජ්‍ය ආයතනයක වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කිරීම දක්වා යන කෙටි පියවරක ආරම්භය බව ඔවුහු පෙන්වා දෙති.

Image copyright Getty Images Image caption දැනුම සහ හැකියාව යහපත් ආකාරයෙන් යොදාගත හැකි මාර්ග පෙන්වාදීමෙන් සයිබර් අපරාධවලින් වළක්වා ගැනීමේ හැකියාව ඇති බවයි වාර්තාව පවසන්නේ.

සයිබර් අවකාශය ආකර්ෂණීය ස්ථානයකි. එහිදී ඉතා පහසුවෙන් සහ ඉක්මනින් මිතුරන් ඇතිකර ගැනීමට හැකිවන අතර බොහෝවිට ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්වීම සිදුවේ. එසේම ඇතැම් පුද්ගලයන් ඔවුන් නොදැනුවත්වම අපරාධකරුවන් බවට පත්වීමටද අන්තර්ජාලය හේතුවක් වේ.

BBC ඇසුරෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්