අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලිය පළමු කොටසේ කුසලාන ශූරතා වටයේ දෙවැනි අදියරේ තරග අද සිට

  👤  1988 readers have read this article !
Published by : MB WEB 2017-04-28 12:24:52

සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ කුසලාන ශූරතා වටයේ දෙවැනි අදියරේ තරග අද (28දා) සිට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව අද වෙස්ලි හා ශා.ජෝෂප් විදුහල් කණ්ඩායම් අතර තරගය සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදීත්, මේ වනවිට සිංගර් පාසල් රග්බි තරගාවලියේ පළමු කොටසේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ඉසිපතන කණ්ඩායම හා සහිරා තරගය හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදීත් පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර පලඟ ශූරතා වටයේ තරග කිහිපයක්ද අද පැවැත්වෙන අතර, එහිදී ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායම මොරටුව වේල්ස් කුමර විදුහල් කණ්ඩායම වැලිසර නාවික හමුදා පිටියේදී එකිනෙකාා හමුවෙයි.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (29දා) දිනයේදීද පැවැත්වෙයි. එහිදී බම්බලපිටිය ශා. පීතර හා මහනුවර ත්‍රිත්ව තරගය බෝගම්බර පිටියේදීත්, ගල්කිස්ස ශා. තෝමස් හා කොළඹ රාජකීය තරගය ගල්කිස්ස ශා. තෝමස් පිටියේදීත් පැවැත්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්