විද්‍යාඥයන් පිරිසක් කාබන්ඩයොක්සයිඩ්වලින් ඉන්ධන සාදයි

  👤  2271 readers have read this article !
Published by : MB WEB 2017-04-27 16:37:14

2016 වසරේ ඔක්තෝබර් මාසයේදී අපූරු සොයාගැනීමක් සිදුකෙරිලා තිබෙනවා. කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුවෙන් මෙතේන් නිෂ්පාදනය කිරීමට කළ පර්යේෂණයක් අතරතුර අහම්බයකින් එතනෝල් ලැබීම. එතනෝල් යනු ඉන්ධනයක්. එනම් මේ රසායනික ක්‍රියාවලිය උපයෝගී කරගෙන පහසුවෙන්ම ඉන්ධන නිෂ්පාදනය කිරීමට හැකි බවයි.

ඕක්රිජ් ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේදී පර්යේෂකයන් කණ්ඩායම් කාබන්ඩයොක්සයිඩ් වායුව මෙතේන් වායුව බවට පත් කිරීමේ උත්සාහයක නිරත වුණා. නමුත් අහම්බෙන් වගේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ලැබුණේ එතනෝල්.

ඒ වගේම පුදුමයක් කියන්නෙ ඔවුන් සිදුකරමින් සිටි පර්යේෂණය මඟින් ඉතාමත් පහසුවෙන් පිරිසුදු එතනෝල් ලබා ගැනීමට ඔවුනට මෙමඟින් අවස්ථාව සැලසීමයි. මේ පර්යේෂණය සඳහා ඔවුන් භාවිත කළ උත්ප්‍රේරකය මඟින් කාමර උෂ්ණත්වයේදීම
ඉතාමත් පහසුවෙන් එතනෝල් ලබාගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම එහි 70% ඵලදායීතාවකුත් තිබෙනවා.

මේ නිසා අපතේ යන CO2 ප්‍රමාණයත් ඉතා අල්පයි. ඒ වගේම මෙය ඉතාමත් අඩු පිරිවැයකින් කිරීමට හැකි නිසා පහසුවෙන්ම මෙය මහාපරිමාණයෙන් කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

වඩා වැදගත් වන්නේ ඛ්ර්ණී2 යනු හරිතාගාර වායුවලින් එකක් නිසා ගෝලීය උණුසුම ඉහළ යෑම පාලනය කිරීමට දරන උත්සාහයේ අලුත් පිටුවක් පෙරළීමට මෙයට හැකිවීමයි.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්