කොරියානු භාෂා විභාගයට දින නියම කෙරේ

  👤  1538 readers have read this article !
Published by : MB WEB 2017-04-21 13:18:55

කුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2017 වර්ෂයට අදාළ ව, ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණය මේ මස (27) දින ආරම්භ වීමට නියමිතය. 
 
මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.

අප්‍රේල් මස 27 දින ආරම්භ වන මෙවර විභාගය එදින සිට මාස 4ක්, අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. දිනකට සැසි 4ක් බැගින් පැවැත්වීමට නියමිත අතර, එක් දිනකට අපේක්‍ෂකයින් 320ක පමණ ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.  

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 16431ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටින අතර, 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනි සිටියි. 

විභාගය සඳහා පෙනී සිටින අයඳුම්කරුවන් විදේශ ගමන් බලපත‍්‍රය හා විභාග අයඳුම්පත් ලබාගැනීමේදී ඔවුන්ට ලබාදුන් ඡායාරූපය ඇතුළත් විභාග අයඳුම්පත් කොටස රැගෙන ඒම අනිවාර්ය වේ.
 
(මුලාශ්‍රය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්