පාසල් ආරම්භයට පෙර, පාසල් වල පවිත්‍රතා කටයුතු තර කරන්න යයි

  👤  1712 readers have read this article !
Published by : MB WEB 2017-04-21 15:18:36

රුවින්ද වීරසිංහ 

පාසල් නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමට පෙර, පාසල් පරිශ්‍රවල පවිත්‍රතා කටයුතු විධිමත් කරන්නැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස්  ලබා දී ඇතැයි  වාර්තා වේ.

සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්ම පළාත් පාලන සහ රාජ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඒ අනූව නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍ර පවිත්‍රතා කටයුතු විධිමත් කිරිම සදහා අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන සහ රාජ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශ නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 24 දා  පැවැත්වීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්