ලංකාව අද පැරදුණොත් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

  👤  2190 readers have read this article !
Published by : MB WEB 2017-04-21 14:09:51

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගය අද (21දා) හෝබාට්හිදී පැවැත්වීමට නියමිතය.

තරග පහකින් සමන්විත මෙම තරගාවලියේදී 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇති අතර, අද තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියානුවන්ට හිමිවෙයි.

කෙසේ වෙතත් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගැනීමට හැකි වුවහොත් 23දා පැවැත්වෙන පස්වැනි හා අවසන් තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇත.

තරගාවලියේ පළමු තරගය ලකුණු 160කින් ජයගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුවද දෙවැනි තරගය ලකුණු 8කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහෙත් පසුගිය 18දා පැවැති තෙවැනි තරගය ලකුණු 102කින් ජයගත් ඕස්ට්‍රේලියානු යෞවනයන් තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්