ජේ‍යාතිෂ දවස 25 වැනිදා

  👤  2154 readers have read this article !
Published by : MB WEB 2017-04-21 11:32:30

සංස්කෘතික අමාත්‍යාංශය හා අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ජේ‍යාතිෂ සංගමය මෙවර ජේ‍යාතිෂ දවස කොළඹ 7 ගී්‍රන්පාත් හි මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 25 වැනිදා අඟහරුවාදා උදේ 10:00 සිට සවස 3:00 දක්වා පවත්වයි.

සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය උත්සව සභාව ඇමැතීමට නියමිතය.

පෝරුවේ චාරිත්‍ර, නාඩි ජේ‍යාතිෂය සහ ඉන්දීය ගුරුකුල රහසක් හැටියට පවතින කෝටා චක්‍රය පිළිබඳ හෙළිකිරීම් මෙදින සිදුකෙරේ.

සෑම මසකම අඟහරුවාදා දිනක උදේ 10:00 සිට දවස 3:00 දක්වා සාමාජිකයන් සඳහා ජේ‍යාතිෂ පන්ති පැවැත්වෙන අතර අප්‍රේල් 25 වැනිදා නව සාමාජිකයන් බඳවා ගැනීම සිදුකෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්