අද කාලගුණ අනාවැකිය

  👤  2351 readers have read this article !
Published by : MB WEB 2017-04-20 12:11:21

කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව විසින් 201අප්‍රේල් මස 20 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද  කාලගුණ අනාවැකිය

 

දිවයිනේ උතුරු අර්ධය හරහා විටින් විට හමන ( පැ.කි.මී. 40 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල  ප්‍රධාන වශයෙන් වැසි රහිත  කාලගුණික තත්ත්වයක් පවතී.

සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. 

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදුප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 5දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැක.

මාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වාවෙරළට ඔබ්බෙන්වන මුහුදුප්‍රදේශවල ද සුළගේ වේගය විටක පැ.කි.මී. 5දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට තරමක් රළු විය හැක.



මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්