මීතොටමුල්ල කුණු කන්ද ගැන තාක්ෂණික වාර්තාවක් දෙන්න ජපාන් විද්‍යාඥයින් අද ලංකාවට

  👤  1909 readers have read this article !
Published by : MB WEB 2017-04-20 10:28:50

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය යටතේ ජපාන් රජයේ ආධාර ලබාදීම තුන් ආකාරයකින් සිදු වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා  (His Excellency Kenichi Suganuma) සඳහන් කළේ ය.

ඒ එහි පළමු අවස්ථාව ලෙස ක්ෂණික ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත භාරදීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

එසේම දෙවැනි අදියර යටතේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ස්ථානය සම්බන්ධයෙන් සම්පූර්ණ තාක්ෂණික වාර්තාවක් ජපාන රජයේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කරන බව පෙන්වා දුන් තානාපතිවරයා ප්‍ර‍කාශ කර තිබුණේ ඒ සඳහා ජපානයේ විශේෂ විද්‍යාඥයින් පිරිසක් අද(20) දිවයිනට පැමිණීමට නියමිත බවයි.

තවද මෙම ගැටලුව සඳහා දිගුකාලීන විසඳුමක් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද කටයුතු කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon