මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු දේශපාලනඥයින්ට එරෙහිව නිහඬ විරෝධතවක් අද ටොරින්ටන් හිදී

  👤  1750 readers have read this article !
Published by : MB WEB 2017-04-19 14:15:08

මීතොටමුල්ල ඛේදවාචකයට වගකිව යුතු දේශපාලනඥයින්ට එරෙහිව ජනතවගේ කෝපය නිහඩව ප්‍රකාශ කිරීමට සහ ඉන් මියගිය මිනිසුන් සිහිකරමින් ඉටිපහන් දැල්වීමේ වැඩසටහනක් අද(19) පස්වරු 6ට කොළඹ චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මිතොටමුල්ල ජනතාවවෙනුවෙන් තරුණ ක්‍රියාකාරිකයන්ගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්වීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව සමාජ ජාල ඔස්සේ මේ සඳහා ආරාධනා කර තිබුනේ පහත පරිදිය..

මීතොටමුල්ලේ සමූලඝාතනයට වගකිවයුත්තේ කුණු ට්‍රැක්ටරයේ ඩ්‍රැයිවර්ද?
දේශපාලුවන්ට එරෙහි කෝපය නිහඬව පෙන්වන්න,
මීතොටමුල්ල ජන අරගලයට සහාය දක්වන්න
ඉටිපහනක් දල්වන්න ඔබත් එන්න.... 
2017- 04- 19 බදාදා හවස හයට නිදහස් චතුරස්‍රයේදී
තරුණ ක්‍රියාකාරිකයන්ගේ සහභාගීත්වයෙන්!


 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්