පසුගිය 16වැනිදා පමණක් දක්ෂිණ අධිවේගයේ ආදායම 2,15,00000ක්

  👤  1538 readers have read this article !
Published by : MB WEB 2017-04-18 10:59:13

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආදායම පෙරේදා (16දා) වාර්තා වූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පවසයි.
ඔහු පවසන අන්දමට පෙරේදා දිනයේදී (16දා) රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක ආදායමක් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රජය උපයාගෙන තිබේ.
අප්‍රේල් මස හත්වැනිදා සිට 16 වැනිදා දක්වා වූ කාලයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 23ක පමණ ආදායමක් උපයා ඇති අතර එම කාලය තුළ රථවාහන හත්ලක්ෂ පනස් දහසක් පමණ එම මාර්ගය භාවිත කර තිබේ.

ඊට අමතරව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉපැයූ ආදායම සියයට 25කින් වැඩිවී ඇති අතර පසුගිය වසරට සපේක්ෂව එම මාර්ගය භාවිත කළ රථ වාහන සංඛ්‍යාවද සියයට 20කින් පමණ වැඩිවී ඇති බවද ඕපනායක මහතා සඳහන් කරයි.
පෙරේදා (16දා) පමණක් රථ වාහන 72,000ක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්