ෆර්හාන්ගේ හිත ශ්‍රද්ධා ළඟ නතර වෙලාද?

  👤  1638 readers have read this article !
Published by : MB WEB 2017-04-15 15:41:41

ආශිකී 2 චිත්‍රපටයේ ප්‍රේමාන්විත රංගනයෙන් රසික සිත් දිනාගත් ශ්‍රද්ධා කපූර් හා ආදිත්‍ය රෝයි කපූර් සැබෑ ජීවිතයෙත් සමීප යුවළක්. ඒත් ෆර්හාන් අක්තර් නම් මේ සම්බන්ධයට එතරම් කැමැත්තක් නැති බව තේරුණේ පසුගිය දිනෙක සාදයකදී ආදිත්‍ය සමග ඇතිවුණු බහින්බස් වීමක් නිසයි.

ආශිකී 2 චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන Vishesh Films, 30 වැනි සංවත්සරය සැමරුවා. මේ වෙනුවෙන් පැවති සාදයට ශ්‍රද්ධා හා ආදිත්‍ය යුවළත් සහභාගි වුණා. සාදය අවසන් වෙන වෙලාවේ ෆර්හාන් අමනාප ස්වරූපයෙන් ආදිත්‍ය සමග ඇති කරගත් බහින්බස්වීමක් නිසා දෙන්නා අතර ගැටුමක් ඇතිවෙලා. මේ වෙලාවේ මේ ගැටුම නවත්වන්න ශ්‍රද්ධාත් මැදිහත් වෙලා.

කොහොම වුණත් මේ ආරවුලට හේතුව ශ්‍රද්ධා ගැන ෆර්හාන්ට ආදරයක් ඇතිවීම කියලාත් සමහරු සැක කරනවා.

මීට මාස කිහිපයකට කලින් ෆර්හාන් හා ශ්‍රද්ධා අතර සම්බන්ධතාවක් ගැන කටකතා පැතිරෙද්දී මේ කතාව අසත්‍ය බව මාධ්‍යයට හෙළි කළේ ශ්‍රද්ධාගේ පියා වන ශක්ති කපූර්. ඒ වුණත් ශ්‍රද්ධා ආදිත්‍යට ළං වෙලා නිසා ෆර්හාන් හිත රිද්දගෙන බව තේරුණේ මේ අරගලය නිසයි. කොහොම වුණත් මේ නිසා ෆර්හාන්ගේ හිත ශ්‍රද්ධා ළඟ නැවතිලා කියලා තමයි ආරංචි පැතිරෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්