රන්බීර් සංජේ වගේ වෙයිද?

  👤  966 readers have read this article !
Published by : MB WEB 2017-04-14 11:43:11

ශාලිකා රංගනී සමරදිවාකර

නිතරම ප්‍රචණ්ඩකාරී චරිතවලින් සිනමාවේ දකින්න ලැබෙන සංජය දත් සැබෑ ජීවිතයේදීත් විවිධ අකරතැබ්බවලට මුහුණ දුන් කෙනෙක්. නීතිමය ප්‍රශ්නත් විටින් විට ඇතිවෙලා සංජේ දත්ට කිහිපවරක් සිරගත වෙන්නත් සිදුවුණා. තරුවක් වුණත් සංජේ දත්ට ජීවිතයේ මුහුණපාන්නට සිදුවුණ සිදුවීම් අලළා චිත්‍රපටයක් නිර්මාණය කරන්නටත් බලාපොරොත්තු වෙන බව තමයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. මේ අභියෝගාත්මක චරිතය නිරූපණය කරන්නේ රන්බීර් කපූර්. 1980 ගණන්වල තිරගත වුණ රොකි, කල්නායක් චිත්‍රපටයේ සිට මුුන්නාබායි, එම් බී බී එස් තෙක්ම සංජයගේ වෙනස් වුණ ස්වරූප 6ක් විතර මේ චිත්‍රපටය හරහා රසිකයන්ට ගෙන එන්නටයි සූදානම.

මේ විදියට සංජේගේ වෙනස් වෙන ශරීර ලක්ෂණ ඒ පරිද්දෙන්ම අනුකරණය කරලා ඇඟ මහත් කරන්න වගේම කෙට්ටු කරන්නත් රන්බීර් ගොඩාක් කැපවීමෙන් වැඩ කරනවා.

සංජේ දත් පහුගිය කාලේ සිරගත වෙලා හිටිය බව කවුරුත් දන්නවා. මේ සිදුවීමත් රන්බීර්ට නිරූපණය කරන්න සිදුවෙලා. කොහොම වුණත් පෙම්වතාගේ චරිතයෙන් රසිකයන්ගේ ආදරය දිනා ගත්ත රන්බීර්ට නම් මේක ලොකු අභියෝගයක්. ඒත් තරුවක් නිසා මේ අභියෝගය සාර්ථකව ජය ගනියි කියන බලාපොරොත්තුව නම් බොහෝ අයට තියෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්