ලෝකයේ මිටිම ගායිකාව හිරුණි කුවේටයට යන්නයි සූදානම

  👤  1659 readers have read this article !
Published by : MB WEB 2017-04-13 12:35:43

අඩි තුනයි අඟල් හයක් උස හිරුණි දිල්ෂාරා ලෝකයේ මිටිම ගායිකාව ලෙස ප්‍රචලිතය.

මේ මස කුවේටයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා ඇයට ඇරයුම් ලැබී තිබේ. ඇයට මේ අවස්ථාව ලැබෙන්නේ කුවේට් තානාපති කාර්යාලයේ සෘජු මැදිහත් වීමෙනි. ප්‍රසංගය සඳහා හිරුණි වෙනුවෙන් සියලු වියදම් දරනු ලබන්නේ තානාපති සේවයේ ප්‍රකට නිලධාරියකු වන අගලවත්ත බෙල්ලන සුමිත් ජී. පෙරේරා මහතාය.
1997 සැප්තැම්බර් 15දා උපන් ඇය අධ්‍යාපනය හැදෑරුවේ හබරකඩ කනිෂ්ඨ විද්‍යාලයෙනි. ඇය ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ සවුන්ඩ් ඔෆ් මියුසික් සංගීතායතනයෙන් සංගීතය හදාරා තිබේ.

ඇය ප්‍රථම වතාවට ප්‍රසංග වේදිකාවේ ගීයක් ගායනා කළේ 2014 ඔක්තෝබර් 25දා මහරගම පැවැති සංගීත ප්‍රසංගයකදීය. අද වනවිට ඇය ලංකාව පුරා සංගීත වේදිකාවන්වල සිය නිසඟ හැකියාව මුදා හරිමින් සිටී. සිංහල භාෂාවෙන් වගේම විවිධ භාෂාවලින් ගී ගැයීමට ඇය සමත්ය. ඒ හැකියාව නිසා හින්දි, දෙමළ, උස්බෙකිස්තාන්, ජැමෙයිකන් ගී ගයමින් ඇය ප්‍රසංග වේදිකාව රසවත් කරයි.

මේ වනවිට ඇය සංගීතඥ කීර්ති පැස්කුවල්ගේ සංගීත නිර්මාණකරණයට අනුව ස්වතන්ත්‍ර ගීත දෙකක්ද නිර්මාණය කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්