ආදිත්‍ය හොඳ සැමියෙක්ද? හොඳ පියෙක්ද?

  👤  6833 readers have read this article !
Published by : MB WEB 2017-04-12 15:40:41

මවු පදවිය ඔබේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරලා වගේ නේද?

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මගේ වෘත්තියත් එක්ක මට දැනෙන්නේ මම දැන් වෙනස්ම කෙනෙක් කියලා. ගැහැනියක් විදියට, නිළියක් විදියට, හිටිය මට මවු පදවිය ලැබුණු පසු ඒ සියල්ලම එකට සම්මිශ්‍රණය වුණු අලුත්ම ජීවිතයක් ලැබුණා.

කොහොමද ඒ වෙනස දැනෙන්නේ?

අම්මා කෙනෙක් වුණාට පස්සේ හැම ගැහැනියක්ම වෙනස් වෙනවා. ඒක හරියට මුළු රැයක් පුරාම දැනෙන වෙනසක්. අවුරුදු විසි දෙකක් පුරාවට මම ගත කළ වෘත්තීය ජීවිතේ ආයෙත් අලුතින්ම පටන් ගත්තා වගේ දැනෙනවා. ඇත්තටම මට හැමදේකම නැවුම් බවක් දැනෙනවා.

අලුත් වැඩකට අතගහන්න යනවා කියලා ආරංචියි?

ගිය මාසේ අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගත්තා. අහම්බෙන් අලුත් දෙයක් ලැබෙන එක හරිම සුන්දරයි. නිළියක් විදියට මාව තව තවත් මුවහත් කරන චරිතවලට මම හරි පෙරේතයි. ආදිරා ලැබුණාට පස්සේ මට ලැබෙන චිත්‍රපට ආරාධනා ගැන මම වඩාත් සැලකිලිමත් වෙනවා.

ප්‍රේක්ෂකයෝ ආයෙත් ඔබ සිනමාවට එනකල් මඟ බලාගෙන කියලා හිතනවද?

මගේ ඊළඟ චිත්‍රපටය ගැන මගේ රසිකයෝ අහන දේවල් ගැන මගේ මහජන සම්බන්ධතා අංශයේ අය මට කියද්දි මම සෑහෙන්න සංවේදී වෙනවා. මගේ ප්‍රේක්ෂකයෝ මගේ වැඩ ගැන බලාගෙන ඉන්නවා. මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මගේ වැඩ ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙන්නේ මම හොඳ රංගනයක් ඉදිරිපත් කළාම විතරයි කියන එක මම විශ්වාස කරනවා.

ප්‍රේක්ෂක ආදරය ගැන ගොඩක් හිතනවා වගේ?

මම හැමදාම චිත්‍රපටයක් කරද්දී මට දැනෙන්නේ මගේ වටේ ඉන්න අයගෙන් මට ලැබෙන ආදරය තවත් වැඩිවෙනවා කියලා. අවුරුද්දකට චිත්‍රපට හතරක් කරන්න ඕනේ කියලා අවශ්‍යතාවක් මට නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. මගේ මවු පදවිය කිසිම දේකින් අෑත් කරන්න මට කිසිම වුවමනාවක් නැහැ. මගේ ජීවිතය සැලසුම් කරද්දී මුල්ම තැන හිමිවෙන්නේ අදීරට.

ආදිරා කවදා හරි අම්මා ගැන ආඩම්බර වෙයි නේද?

දවසින් දවස ආදිරා වැඩෙද්දී එයා එක්කම ඉන්නයි මට ඕනේ. එයාට කවදහරි එයාගේ අම්මා ගැන ආඩම්බර වෙන්න පුළුවන්. මාත් වැඩකරන අම්මා කෙනෙක් හින්දා. මම හිතනවා කවද හරි දවසක ඒ දේට එයා මට ගරු කරයි කියලා. මම මගේ සම්පූර්ණ කාලය රස්සාව වෙනුවෙන් කැප කළා කියලා ආදිරා හිතන්නේ නැති වෙයි. "අම්මේ මම හරි කැමතියි ඔයා ඔයාගේ ජීවිතේ සමබර කරගන්න විදියට. ඔයා වැඩ කළා. ඔයාට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසට ඔයා සතුටක් ලබා දුන්නා. ඔයාගේ වෘත්තීය රසවින්දා. ඒකෙන් ඔයා සතුටක් ලැබුවා. මට ඕනෙ වෙලාවෙදි වගේම ඕනෙ නැති වෙලාවෙදි ඔයා මගේ ළඟ හිටියා." ආදිරා අවුරුදු 18 වෙද්දි මේ වචන ටික මට කියනවා අහන්න මම හරි ආසයි.

එතකොට ආදිත්‍ය ඔබ වැඩ කරනවට කැමැතිද?

ඇත්තටම මම ආදිට ස්තුති වන්ත වෙනවා මාව වැඩවලට උනන්දු කරනවට. දුව පිටිපස්සෙම ඉන්න ගිහින් ඔයාගේ අනන්‍යතාව නැති කරගන්නවා කියලා ආදි මට නිතරම කියනවා.

ආදිත්‍යගෙයි දුවගෙයි සම්බන්ධය කොයි වගේද?

තාත්තා කෙනෙක් විදියට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නම් නැහැ. ආදිරා හුඟක් පුංචි දවස්වල ආදිගෙයි එයාගෙයි බැඳීම ඒ තරම් ශක්තිමත් නැහැ. ආදිරාට අවුරුද්දක් පිරුණට පස්සේ ආදිරා එයාගේ තාත්තාට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. ඒත් එක්කම ආදිට 'පාපා' කියලා කතා කරන්න පටන්ගත්තා. ඒත් එක්කම ඒ දෙන්නා අතර තිබුණු බැඳීම තවත් වැඩි වුණා. මගේ ජීවිතේ අංශක 360ක්ම වෙනස් වුණා. ඒත් ආදිගේ එහෙම නෑ. මම ජීවත්වෙන්නේ හුස්ම ගන්නේ, කන්නේ බොන්නේ හැමදේම ආදිරා වෙනුවෙන්.

ආදි හොඳ සැමියෙක්ද එහෙමත් නැත්නම් හොඳ පියෙක්ද?

හොඳ සැමියෙක්. ආදි එයාගේ මුළු ජීවිත කාලෙම හොඳ සැමියෙක් වෙලා ඉන්නවට තමයි මම කැමැති.

මාර්තු මාසෙත් ගෙවිලා ගියා නේද?

මාර්තු තමා මට වැදගත්ම. මාර්තු මාසේ පටන් ගත්ත දවසේ ඉඳන් මම හැමෝටම කියනවා මගේ උපන් දිනේ තියෙන මාසේ පටන් ගත්තා කියලා. මගේ පුංචි කාලෙදි මට කවදාවත් උපන් දිනයක් නම් සමරන්න ලැබුණේ නැහැ.

ඒ ඇයි?

මාර්තු මාසේ කියන්නේ අපිට විභාග තියෙන මාසේ. මම උපන්දින සාදයක් ගන්න හැදුවත් මගේ යාළුවෝ කාටවත් ඒකට එන්න බැහැ. හැමෝම ඒ දවස්වල විභාගෙට පාඩම් කරනවා. මට කරන්න පුළුවන් වුණ උපරිම දේ තමයි ලස්සන අලුත් ඇඳුමක් ඇඳගෙන ගිහින් මගේ යාළුවන්ට මොනවා හරි බෙදන එක. එළිමහන් උපන්දින සාද මගෙන් හුඟක් දුරස් වුණා පුංචි කාලෙදි.

එතකොට දැන්?

දැන් නම් මගේ උපන් දිනේ දවසට හරි ලස්සන කේක් එකකුයි බැලුම් බෝල ගොඩකුයි තියෙනවා නම් මම හරි කැමැතියි. මම දන්නවා මම දවසින් දවස හැම අවුරුද්දක් ගාණෙම වයසට යනවා. ඒත් මොකද්දෝ හේතුවකට උපන් දිනේ මාව තවත් සතුටු කරනවා.

පරිවර්තනය - සවනි ශේශාධි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්