සනුකගේ සරාගයට තාත්තා දෙහි කැපුවද?

  👤  2348 readers have read this article !
Published by : MB WEB 2017-04-09 10:44:51

සනුකව අල්ල ගන්නත් අමාරුයිනේ..?
ඇත්තටම මම පසුගිය කාලේ අසනීප වෙලා හිටියේ. මොකද පහුගිය දෙසැම්බර් මාසෙම කාර්යබහුල වුණා. නින්දක් නෑ. ඒකත් එක්ක මට මිගේ‍ර්න් හැදුණා. ඉතින් අසනීපෙන් හිටපු නිසා තමයි මාව වැඩවලින් දකින්න නොලැබුණේ. දැන් ටිකක් සනීප නිසා පුරුදු විදිහට වැඩ කරනවා.

"සරාගයේ වීඩියෝව" එළියට දැම්මට පස්සේ සනුක මාධ්‍ය වලින් වහන් වුණා කියලා සමහරු කියනවා...?
එහෙම දෙයක් නම් නෙවෙයි සිද්ධ වුණේ. රෑට වැඩවලට ගිහින් නිදිමරලා උදේ ටී.වී. ප්‍රෝගෑම්වලට යන්න ඇහැරෙන්න අමාරුයි. අසනීපෙන් හිටපු නිසා ගෙදරින් එළියටවත් යන්න බැරුව හිටියේ. ඒ නිසා සනුකව අල්ල ගන්නවත් බෑනේ කියලා සමහරු කිව්වා තමයි.

පසුගිය කාලේ සනුකගේ ගීත දෙකක්ම රසිකයෝ අතරට ගෙනාවනේ. කොහොමද ඒ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර..?
සරාගයේ සහ සංසාර සිහිනේ කියන ගීත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සරාගයේ ථන3 එකට යූ.ටී. ඍඪඥඹඵ ලක්ෂ පහක් විතර තිබුණා. වීඩියෝ එක දැම්මට පස්සේ යූ. ටියුබ් ඍඪඥඹඵ ලක්ෂ දහහතර පැනලා සංසාර සිහිනේ ගීතයට ඍඪඥඹඵ ලක්ෂ හතක් පැනලා තිබ්බා. ඉතිං මේ දේවල්වලින් මට තේරෙනවා රසිකයෝ මගේ ගීතවලට ආදරෙයි කියලා.

Views වැඩි වුණ පළියට රසිකයන්ගේ ආදරේ මනින්න පුළුවන්ද..?
බැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රසංගවලට ගියාම මම සරාගයේ ගීතය කියනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගීතය ඉල්ලනවා. මම ගීතය ගායනා කරද්දි ඒ අය මාත් එක්කම ඒ ගීතය ගායනා කරනවා. මගේ ගීතයක් රසික රසිකාවියන්ගේ හ¾ඩින් ඇහෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔවුන් මගේ ගීතයේ වචන පවා මතක තියාගෙන ඉන්නවා.

"සරාගයේ"වීඩියෝවට විවේචන ආවේ නැද්ද..?
මූණට නම් විවේචන එල්ල කළේ නැහැ. හැබැයි ඒ වීඩියෝවේ කමෙන්ට්ස්වලට එක එක ඒවා දාලා තිබුණා. ඒ ගීතයේ තනුව මම මනු අයියට වාදනය කරලා පෙන්නුවා. ඒ වෙලාවෙම මනු අයියා ඒකට පද ලිව්වා. ඒ වචනවල තියෙන තේරුම් දුමින්ද සංජීව මියුසික් වීඩියෝවට නැඟුවා. කලාත්මකව සහ ඉතාම සංයමයකින් ඒක කරලා තියෙනවා.

හැබැයි තිබ්බ රැල්ලට සනුකත් අහුවෙලා කියලා සමහරු කියන්න ගත්තා නේද..?
අපිට රැල්ලට යන්න ඕන වුණේ නෑ. ගීතයේ අදහස් කලාත්මකව ඉදිරිපත් කරන්න තමයි අපි කළු සුදු තේමාවකට ගියෙත්. උදාර සහ ටීනා රංගනයෙන් ඊට උපරිම සාධාරණයක් කළා. වෙනස් දෙයක් කරන්න තමයි අපි උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා කියලා හිතනවා.

වීඩියෝව බලලා තාත්තා සනුකට දෙහි කැපුවා කියන්නේ ඇත්තද..?
මට මතක විදිහට තාත්තා ඒකට මුකුත් කිව්වේ නෑ. එයාගෙන් බැනුම් ඇහුවද කියලත් මතක නැහැ. සමහර විට බැනලා ඍඪඥඹඵ ඛ්ධථථඥදබඵ වැඩි වෙද්දි බනින එක නැවතුණාද කියලා මතකත් නැ.

සනුකට මීඩියාවලින් හොඳ සපෝට් එකක් ලැබෙනවද..?
මගේ පළමුවැනි ගීතය තමයි "මල් වියන්" කියන්නේ. ඒ ගීතය අරන් මම මීඩියාවලට ගියාම සමහර මීඩියා ඒක භාරගෙන හොඳ සහායක් දුන්නා. සමහර මීඩියාවල අය කිව්වා ගීතය දෙන්න එපා ඕක විසික් කරයි කියලා. පුවත්පත්වලින් නම් සහයෝගය ලැබුණා. හැබැයි සරාගයේ සහ සංසාර සිහිනේ ගීත ජනප්‍රිය වීමත් එක්ක සමහර චැනල් කතා කරලා ඉල්ලගෙනත් මගේ ගීතය ප්‍රචාරය කළා. සමහරු ඒ ගීතය හොයාගෙනත් ප්‍රචාරය කළා. ඉස්සර සහය දුන්, නොදුන් සියලු දෙනා දැන් මට හොඳ සහායක් දෙනවා.

දැන් සනුකට ප්‍රසංගවලටත් ආරාධනා ජයයි වගේ...?
මම ගොඩක් ආස ගෘහස්ථ ප්‍රසංගවලට. හැබැයි මම එළිමහන් ප්‍රසංග, ගෘහස්ථ ප්‍රසංග කියලා බෙදාගෙන නැහැ. ආරාධනා ලැබුණම ඒවට සම්බන්ධ වෙනවා. මම කැමැතියි දුර පළාත්වලටත් ගිහින් මගේ රසික රසිකාවියක් වෙනුවෙන් ගීත ගායනා කරන්න.

සනුකට රසිකාවියන්ගෙන් හරියට ප්‍රතිචාරලු නේද..?
රසිකාවියන්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා තමයි. හැබැයි මට රසිකාවියන්ගෙන් වගේම රසිකයන්ගෙනුත් ප්‍රතිචාර ලැබෙනවා.

හිත ගියපු විශේෂ කෙනකුත් දැන් සනුකට ඇති නේද..?
විශේෂ කෙනෙක් හොයමින් ඉන්නවා. හම්බුණ ගමන් හදගැස්මට කියන්නම්.

අලුත් ගීතයක් කරන්න තව කල් ගනීද....?
අලුත් ගීතය රෙකෝඩින් කළා. ඒ ගීතය වීඩියෝවක් එක්කම අප්‍රේල් මැයි වෙද්දි එළියට දානවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්