කුණු කන්දට යට වුණු කොළොන්නාවේ අවුරුද්ද

  👤  1877 readers have read this article !
Published by : MB WEB 2017-04-15 09:15:02

රුවින්ද වීරසිංහ 

ඊයේ(04) පස්වරු 3ට පමණ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්දෙහි කොටසක් කඩාවැටීම හේතුවෙන් ඊට යටවී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහල ගොස් ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ 21 දෙනෙකු මේවන විට ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් කුණු කන්ද කඩා වැටීමෙන් යට වූ නිවාස තුළ සිර වූ පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් නිවාස 40කට අධික සංඛ්‍යාවකට දැඩි අලාභානි සිදු වී ඇති අතර එම ප්‍රදේශයේ ජන ජීවිතයද සහමුලින් අඩාල වූ තත්වයකයි පවතින්නේ.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon