විජයබාහු මොටෝකේ‍රාස් අප්‍රේල් 2දා බෝයගනේදී

  👤  1184 readers have read this article !
Published by : MB WEB 2017-03-20 16:03:08

කෝසල ගමගේ

විජයබාහු පාබළ හමුදා රෙජිමේන්තුව 15 වැනි වරටත් සංවිධානය කරන "විජයබාහු මොටෝකේ‍රාස්" යතුරු පැදි ධාවන තරගය අප්‍රේල් මස 02 වැනිදා කුරුණෑගල බෝයගනේ ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය හා එක්ව සංවිධානය කරන මෙම ධාවන ඉසව්ව සවිමත් කරමින් නිව් ලංකා ෆර්නිචර් සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සම අනුග්‍රාහකත්වය සපයයි.

පසුගිය වසරේදී ශෙහාන් සී. අධිකාරි, ඉෂාන් දිසානායක, ඉවෝන් බී. ගුරුසිංහ, ජාක්ස් ගුණවර්ධන වැනි දිවයිනේ ප්‍රමුඛතම යතුරු පැදි තරගකරුවන් 80කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ඉසව්වට මෙවර තරගකරුවන් 100කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බවත් ඊට විදේශීය තරගකරුවන් පිරිසක් ඇතුළත් වන බවත් මෙම තරගාවලිය පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

තවද මෙවර තරගාවලියේදී ළමුන් සඳහා වෙන් කළ යතුරුපැදි ඉසව් 2ක් පැවැත්වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර මෙමඟින් ලැබෙන අරමුදල් විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමටත්් ඉන් කොටසක් විජයබාහු පාබළ රෙජිමේන්තුවේ සේවය කරන හමුදා සාමාජිකයන්ගේ සුබ සාධන කටයුතු සඳහා යෙදවීමටත් නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්